IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවේ පියාසැරිය හොයන්න පරීක්ෂණයක්

(සුජිත් හේවාජුලිගේ) 

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද  පැවසීය

විමර්ශන අවසානයේ දී සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

එම ව්‍යාපෘතිය හරහා රටට විශාල ආදායමක් ලැබුණේ නම් අදාළ පාර්ශව මෙතෙක් නිහඩව සිටීම විශ්වාස කළ නොහැකි බව පැවසු අමාත්‍යවරයා  සුප්‍රීම් සැට් තනි ව්‍යාපෘතියක් නොවේ යයිද සඳහන් කළේය.

නලින්ද  ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ   අද කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසුමකදීය



අදහස් (23)

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවේ පියාසැරිය හොයන්න පරීක්ෂණයක්

Indika Saturday, 09 August 2025 05:47 PM

ඇමැතිතුමා කියන්නේ ආදායම් ලැබුණාම අඬබෙර ගගහා කියන්න ඕනෑ කියලාද? ඒක ඔබේ පිළිවෙල වෙන්න ඇති.. ඒත් බහුතරය එහෙම නැහැ... සද්ද නැහැ. වැඩ... හරියට ...වැඩ. වැඩ්ඩෝ රඟන්නේ නැහැ. ඇමැතිතුමෝ.

:       28       97

Nimal Saturday, 09 August 2025 06:42 PM

Indika කියනවා වගේ හැම කෙනෙක්ම තමන් කරන හොඳ වැඩ ගැන ලොකුවට කියවන්නේ නෑ. මමත් මේ වනවිට ලංකාවට අවුරුදු ගාණක් තිස්සේ මාසයකට ඩොලර් දහස් ගණනක් එවන කෙනෙක්. ඒවායින් ප්‍රයෝජන ගන්නේ මම විතරක් හෝ අපේ පවුල් වල අය පමණක් නොවෙයි. ඒ සල්ලිවලින් අපේ පළාත්වල සෑහෙන අඩු ආදායම් ලාභීන්ට යහපතක් වෙනවා. නමුත් අපි අඬබෙර ගහන්නේ නෑ. ඒ වගේ අය ගොඩක් ඉන්නවා.

:       11       80

පොඩිඑකාSaturday, 09 August 2025 08:22 PM

ඒක නං ඇත්ත ඉංදිකයෝ, රාජ පස්සලා රටට කෙලවෙනකංම නිස්සද්දෙංම වැඩේ දුන්න හැටි හැමෝම දැක්කා.

:       61       4

මහින්ද Saturday, 09 August 2025 10:40 PM

කව්ද වැඩ්ඩෝ. රාජපක්ෂලා ද? ඔව් හොරකමට වැඩ්ඩෝ තමයි.

:       53       3

ලක්විදුSaturday, 09 August 2025 10:58 PM

හලෝ ඉන්දික, ඔහෙගේ අයියලා ටික හෙල්පින් හම්බන්තොට ඉඳලා රට බංකොලොත් වෙනකන්ම ගේම දුන්නේ සද්ද නැතුව තමයි...!

:       43       3

පිටරැටියා Saturday, 09 August 2025 05:54 PM

අභ්‍යාවකාශ තරණය පිළිබද ආචාර්ය උපාධියක් තියෙනවා කියපු මැදමූලනේ හාදයා ගැනත් සෙවිය යුතුමයි.

:       71       34

අරුණි Saturday, 09 August 2025 06:06 PM

බොරුකාරයෝ ලංකාව දශක ගනනාවක් පස්සට ඇදලා දැම්මා. නිරුවත, ලැජ්ජාව වහගන්න තාමත් මොනවා හරි කියනවා

:       26       92

රනිල්Saturday, 09 August 2025 10:48 PM

අරුණි, ඇත්ත තමයි. රට බංකලොත් කළා. තෙල් ළිං තියෙනවා කියලා බොරු කිව්වා. ඔප්පු කරගන්න අමාරු විදිහට හොරකම් කළා.

:       57       3

යෝගා Saturday, 09 August 2025 07:00 PM

පැලවත්තේ ලොකුම ඩෝබි එසේ පවසයි. දැන් වැඩක් නෑ මනුස්සයෝ, ජනතාවට ඇත්ත එලිකරල දුන්නෙ ඔයාලගෙ අගමැතිනිනේ. ඒක බොරුවක් නම් එයාව වහාම අස්කරල දාලා අලුතෙන් පරීක්ෂණ පවත්වන්න.

:       13       66

දිනේෂ් Saturday, 09 August 2025 10:37 PM

යෝගා, මාලිමාවේ හැමෝම පච නේද කියන්නේ. මේක විතරක් ඇත්ත වෙන්නෙ කොහොමද?

:       4       36

පොඩිඑකාSunday, 10 August 2025 06:37 PM

නියමයි දිනේෂ්, ලොන්ඩරි යෝගා!

:       21       0

යසපාල Saturday, 09 August 2025 07:03 PM

හරිනි, අපිට ලොකු හානියක් කළා සහෝදරයා. එයා සම්බන්ධයෙන් දැඩි තීරණයක් ඉක්මනට ගන්න.

:       45       26

Perakum LiyanagamaSunday, 10 August 2025 10:11 AM

හරිනි අගමැති තනතුරෙන් වහාම ඉවත් කරනු.

:       33       3

අන්_ර Saturday, 09 August 2025 07:16 PM

මගේ ඇඟේ මාලු ගඟේ නටනවා. මෙච්චර කාලයක් රවුම් කර කර ගෙනිච්චි ලොකුම පචයක්, ගොඩගන්න බැරිම විදියට, කුඩු කරලා දැම්මා. අනිත් පච ටිකවත් තව කාලයක් ඇදගන්න කටවල් වහගෙන හිටපල්ලා.

:       7       53

SumanawathiSunday, 10 August 2025 01:27 PM

මාමේ, ඔයා රෝහිතද?

:       35       1

ටිල්වින් සීයා Saturday, 09 August 2025 07:19 PM

මට මේක කරන්න බෑ . අපේ ඩෝබිලා පඩි වැඩිකරලා ඉල්ලනවා. උන්ට දරාගන්න අමාරුයිලු.

:       9       58

Perakum Liyanagama Saturday, 09 August 2025 07:47 PM

පොඩි මිනිහෙක් වරදක් කලොත් අපේ කට්ටිය උඩ පැන පැන ගහනවා. ලොක්කො කරන වැරදි පක්ෂ පාට බලන්නෙ නැතුව වහල දානවා. කරපු සෝඩකම් ගැන අපි ඉතිං කාට කියන්නද?

:       11       5

චන්දිම Saturday, 09 August 2025 07:59 PM

ඒක හොදයි. ඒ වගේම ඡන්දෙදි කලු ගල් පැලෙන තරම් බොරු විදල ඒකෙන් මිනිස්සු රවටපු ඔහේල ගැන හොයන්නත් කොමිසම් 100ක්වත් දාන්න ඕනේ.

:       0       49

වත්සි Saturday, 09 August 2025 09:29 PM

විපරමා, මොණරවිල වැනි විලිසංගෙ ගෑවිලා වත් නැති හෝදන්නන්ට දුවන්න පාරවල් නැති කළ සුප්‍රිම් සැට් යානයේ කතාව දැන් ඉතින් නලින්ද ජයතිස්ස වැනි අහංකාරයින් ද පෙරළාගෙන යන හැඩයි.

:       0       60

රවීන්ද්‍ර Saturday, 09 August 2025 11:03 PM

ඔය කියන තරම් ලාභ තිබුණා නම්, අච්චර චෝදනා එල්ල වෙද්දී උන්දැලා ටික කට වහං හිටියා කියලා කියන එකෙක් හිතන එකෙක් හරි ඉන්නවා නම් ඒ මහම මහ ගොං අලියෙක්...

:       35       3

Praba Sunday, 10 August 2025 05:36 AM

අපි කිව්වා අවංක වෘත්තිකයන් ගන්න එපා කියලා. ඒගොල්ලෝ එක්ක සාම්ප්‍රදායික දේශපාලනය කරන්න බෑ.

:       1       22

ගුණරත්න Sunday, 10 August 2025 08:06 AM

ලංකාවේ ප්‍රශ්න මොකුත් නැහැ දැන්, දැන් තියෙන්නේ අභ්‍යවකාශය සම්බන්ධ පොඩි ප්‍රශ්න ටිකක්, ඒවත් ඇකඩමික් එව්වා.. බුහාහා...

:       7       7

පොඩිඑකාSunday, 10 August 2025 08:39 PM

ගුණරත්නයට ඉච්ඡාභංග මානසික රෝගෙ හොදටම තදවෙලා. ඉසකුඩිච්චියක් දාන්න වෙයි වගේ.

:       13       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 666 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17759 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site