
(අංජුල මහික වීරරත්න)
ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුවී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය සහ සම්පත් දායකත්වය නිරතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදෙන බව ද අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ 04 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කොළඹ, නවලෝක රෝහල් නව ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.
මෙම වාර්ෂික අධ්‍යයන සැසිවාරයට බ්‍රිතාන්‍ය ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඉන්දියාවේ ස්නායු විද්‍යා සංගමය සහයෝගීතාවය ලබා දී ඇත.
ශල්‍ය වෛද්‍ය දැනුම සහ කුසලතා වැඩුමට ස්නායු ශල්‍ය වෛද්‍ය දිගහැරුම (Neurosurgery unleashed – carving pathways, crafting miracles) යන්න තේමා කර ගනිමින් මෙවර අධ්‍යයන සැසිවාරය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි... මොකද ඔබලාට ඡන්දය දීලා දැන් ගොඩක් අයට ස්නායු අමාරු වෙලා ඉන්නේ... ඉක්මණට දීපල්ලා ... ඒකවත් හදලා.
ගෙදරින් ගෙනැල්ලාද දන්නේ නැහැ... වැඩි කරන්නේ. ඉන්න අයවත් පඩි කපලා එලවා ගන්නවා.
ස්නායු වෛද්‍යවරු පමණක් නොවේ. ලංකාවේ සෑම අංශයකම වෛද්‍යවරුන්ගේ විශාල අඩුපාඩුවක් රටේ තිබෙනවා. අනිවාර්යයෙන් රජයේ විශ්ව විද්‍යාල විසින් බඳවා ගන්නා වෛද්‍ය සිසුන් ප්‍රමාණය 4 ගුණයකින් පමණ වැඩි කරන්න ඕනේ. එහෙම කරන්න රජයට මුදල් නොමැති නම් ලෝකයේ පිළිගත් පුද්ගලික විශ්ව විද්‍යාල වලට ලංකාවේ ආයෝජනය කර පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවේ අරම්භ කරන්න අවස්ථාව දෙන්න ඕනේ.., එංගලන්තේ වුණත් උසස් අධ්‍යාපනයට මුදල් ගෙවන්න ඕනේ, ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට වසර 50 -60ක සිට ජවීපෙ විරුද්ධවීම නිසා, ජනතාව ලොකු අපහසුවකට වැටි ඇත. ජවිපයත් සමාජවාදී මූල ධර්ම වලින් ඉවත්වෙලා වෙළෙඳපල ආර්ථිකයකට අවතිර්ණවෙලා සිටින මේ අවස්ථාවේ ජාත්‍යන්තර ප්‍රමිතියක් ඇති පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවේ ආරම්භ කළයුතු බව මගේ අදහස වේ. මේක ජනතාවගේ ජීවිතයත්, මරණයත් අතර ප්‍රශ්නයක්...
කෙහෙලියගෙ බාල බෙහෙත් බීලා , ඇස්වලට ඒ බෙහෙත් දාගනපු උන් ඉන්නවා තවමත් තමන්ට වුණේ මොකක්ද කියල නිච්චියක් නැතිව, මෙතන මේ යහපත් වැඩෙිටත් ආඩපළි කියන්නෙ ආන්න ඒ වගේ අය.
කවුරුවත් ගෙදරින් ගෙනල්ලා කලේ නැහැ, හැබැයි ගෙදර ගෙනිච්ච උන්ට තමයි තවමත් කැමැත්ත, කෙහෙලියගේ බාල බෙහෙත් ගහපු බව අමතකද?