
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැදුරේ පැවැති කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙනි.
කොන්ක්ලේව් නමින් හැඳින්වෙන මෙම රහස් ඡන්ද විමසුමට කාදිනල්වරුන් 133 දෙනකු එක්වුණු අතර, ඔවුන් ඡන්ද විමසුම් කීපයක් පවත්වමින් නව පාප්වරයකු තෝරා ගැනීම ආරම්භ කළේ ඊයේ (7) දිනයේ සිටය.
මුල් ඡන්ද විමසුම්වලදී පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමට නොහැකි වුණු අතර, එය සනිටුහන් වූයේ සිස්ටයින් දෙව් මැදුරේ චිමිනියෙන් කළු දුමක් පිට කිරීමට සලස්වමිනි. පාප් ධුරයට පත්වීමට තුනෙන් දෙකක බහුතරය අවශ්‍ය වෙයි.
අද (8) මීට මිනිත්තු කීපයකට පෙර පැවැති ඡන්ද විමසුමේ දී පාප් ධුරයට සුදුස්සකු තෝරා ගත් බව, කාදිනල්වරුන් දැනුම් දුන්නේ සිස්ටයින් දෙව් මැදුරේ චිමිනියෙන් සුදු දුමක් පිට කිරීමට සලස්වමිනි.
ඒ අනුව ශාන්ත පීතර චතුරස්‍රයට රැස්ව සිටි පිරිස් ප්‍රීති ඝෝෂා පවත්වන්න වූ අතර, සිස්ටයින් සීනු නාද කරමින් නව පාප්වරයකු තෝරා ගැනීම පිළිබඳ සුබ පණිවුඩය නිවේදනය කෙරුණි.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
Nandalal DE SILVA - France Thursday, 08 May 2025 11:16 PM
69 වියැති ඇමෙරිකානු ජාතික, රොබට් ෆ්‍රැන්සිස් ප්‍රිවොස්ට් කාදිනල්තුමා නව පෝප් ධුරයට තෝරාපත්කරගෙන ඇත.