IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සුදත්ත ගැන විශේෂ විමර්ශනයක්

(ගයාන් සූරිය ආරච්චි)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා බවට පෞද්ගලික youtube නාලිකාවක් ඔස්සේ කල් තියා ප්‍රකාශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුදත්ත තිලකසිරි නැමැත්තාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

සුදත්ත තිලකසිරි නැමැත්තා විසින් එම youtube නාලිකාව හරහා කළ බව කියන එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත එය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට දැනුම් දී ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් එම පැමිණිල්ල විශේෂ විමර්ශන ඒකකයට බාර දීමට නියමිත බව වුට්ලර් මහතා පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

එහිදී අධිකරණ සංකීර්ණය අසල විශාල ජනතාවක් ඊට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නියැලුණහ.

අනතුරුව හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරය වෙත රැගෙන ගිය අතර එහිදී රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

 



අදහස් (14)

සුදත්ත ගැන විශේෂ විමර්ශනයක්

Asela Sunday, 24 August 2025 10:17 PM

මේක තවත් නාට්‍යයක්, මේ රෙජීමයේ ඇමතිවරයෙක් යූටියුබ් කාරයෙක්ට පේන කියන්න කියලා කියනවා. පොලිසිය පියවර ගන්නවා කියලා පෙන්නන්න. එයාට ප්‍රතිඵලයත් පුරෝකථනය කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි. බදු ගෙවන්නන්ගේ මුදල් නාස්තියක්.

:       1       3

Neel Sunday, 24 August 2025 11:37 PM

කෙහෙල් ගහට කොටපු දාට හොට පැටැලී ඇත...

:       0       2

Nishan Monday, 25 August 2025 05:49 AM

පරිස්සමින්. ජනාධිපතිට කේන්ති යයි.

:       0       2

C.K.Lankaputhra Monday, 25 August 2025 05:56 AM

සුදත්ත විතරක් නෙවෙයි අපිත් කිව්වා චෝදනාවේ ස්වභාවය අනුව ඇප ලැබෙන්නේ නැහැ කියලා. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය පෙරලලා බලන්නකෝ.

:       0       3

Perera Monday, 25 August 2025 07:59 AM

විපක්ෂයට දැන් එල්ලෙන්න පිදුරු ගසුත් හොයනවා වගේ

:       0       1

Saththaya Monday, 25 August 2025 08:40 AM

මොවුන් මේ රටේ යහපත් පුරවැසියන් නෙවේ . ත්‍රස්තවාදී ගතිගුණ ඇති නරුමයන් .

:       3       12

janahithaMonday, 25 August 2025 10:59 AM

රනිල් ද ? බැසිල් ද ?

:       5       2

saman Monday, 25 August 2025 09:00 AM

මීට වඩා ගොඩක් දේවල් ගිය කාලේ උනා. මේවගේ විමර්ශන උනේ නැහැ. කවුරූත් ඒ ගැන වද උනේවත් නැහැ. දැන් නීතිය අකුරටම ඕන වෙලා මිනිසුන්ට හොඳයි. අනුර මහත්තයෝ, ඔහොම යමු.

:       15       11

prasanna Monday, 25 August 2025 10:36 AM

මේක මහ ගඳ ගහන කුහක, මිනිසුන්ට අපහාස කරන මිනිහෙක්. මූට දෙන්න ඕනේ රජකාලේ දඩුවම්. මූන්ගේ දෙමව්පියන් මුගේ මේ නොමනා හැසිරීමවලට වග කියන්න ඕන.

:       4       21

onna okayi thathve Monday, 25 August 2025 11:01 AM

හම්, දේශපාලකයන් එහෙම නැහැනේ . සත පහක් වංචා කරන්නෙ නැහැ, ජනතාවගේ මුදල් බෙදාහදා ගත්තේ නැහැ. ජනතාව වෙනුවෙන් එක්වෙන දේශපාලන උතුමන්ලා බුදු බව ලබන්න ඕනා

:       7       2

අන්_ර Monday, 25 August 2025 10:39 AM

මොන විමර්ශනද? ඒකා කියන්නේ අපි කරන්න කියන දේ තමයි. විමර්ශනය කරලා රස්නේ ටිකක් අඩු උනාම ෆයිල් එක කුණුකූඩෙට දාමු.

:       2       14

ප්‍රොමිස්...කා Monday, 25 August 2025 10:42 AM

මේ වෙලාවේ පොඩි රෙස්ට් එකක් ගන්න හමින්බර්ඩ් පැත්තෙ එන්න සුදා. ටික දවසකට පඟරනැට්ටා එන්නෙත් නෑ.

:       1       11

Jagath Monday, 25 August 2025 11:20 AM

සමන් සුදාගේ යාලුවෙක් වගේ...

:       0       2

ranjith Monday, 25 August 2025 11:37 AM

යූ ටියුබ් නාලිකා මුදල් උපයන මාර්ග බවට පත්කරගනිමින් කටයුතු කරන මේ මිනිස්සු නිසා තමයි මේ ආණ්ඩුත් පිරිහෙන්නේ...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site