IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සුදත්තගේ කතාව ගැන නලින්දගෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

සමහර නඩු ගලාගෙන යන විදිය අනුව ඕන කෙනෙකුට පුරෝකථනයක් කරන්න පුළුවන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන නඩු තීන්දුව ගැන සුදත්ත තිලකසිරි නැමැත්තකු යූටියුබ් මාධ්‍ය හරහා කලින්ම ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.

"මේ පරීක්ෂණ ක්‍රියාවලියට ආණ්ඩුව කිසිම මැදිහත්වීමක් කළේ නැහැ.මේ සිද්ධිය ගැන පමණක් නොව මූල්‍ය වංචා,අපරාධ දූෂණ සියල්ල ගැන නිදහසේ පරීක්ෂණ කරන්න ඉඩදී තිබෙනවා.ආණ්ඩුවේ වගකීම වන්නේ ඒ ආයතන වලට අදාළ පහසුකම් ලබා දීමයි.

රටේ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට නීතිය සමානව ක්‍රියාත්මක වන බවට පෙන්නුම් කළ අවස්ථාවක් වශයෙන් මෙය හඳුන්වා දිය හැකියි.

මීට කලින් වික්ටර් අයිවන් මහත්තයත් නඩු තීන්දුවක් ගැන කලින් වාර්තා කරපු අවස්ථාවක් මා දුටුවා.සමහර නඩු ගලාගෙන යන විදිය අනුව ඕන කෙනෙකුට පුරෝකථනයක් කරන්න පුළුවන්.අධිකරණය ඇප ලබා දෙනු ඇතැයි සමහරු හිතන්නැති. සමහරු ඇප ලබා නොදෙනු ඇතැයි හිතන්න ඇති.ඕවා නිකං සාස්තර වගේ තමයි. සමහර ඒවා හරි යනවා. සමහර ඒවා වරදිනවා.කවුරුහරි එහෙම චෝදනා කරනවා නම් ඒක අධිකරණයට අපහාසයක් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (6)

සුදත්තගේ කතාව ගැන නලින්දගෙන් ප්‍රකාශයක්

රිස්වාන් Sunday, 24 August 2025 09:51 AM

අවුරුදු ගාණක් තිස්සේ බොරුවයි වෛරයයි වපුරලා බලය අරන් දැන් මොලේ කචල් වෙලා. මුන්ට දෙයියො ඉක්මනට දඬුවම් දෙයි.

:       0       0

Roshan Sunday, 24 August 2025 09:56 AM

දෙන්නෙක් මහා ඉහලින්ම ආන්ඩුවේ කුණු හෝදනවා. මෙයා නිල වශයෙන්ම ඒ අයගේ කුණු හෝදනවා.

:       0       0

Rama Sunday, 24 August 2025 12:42 PM

නලින්ද ජයතිස්ස දැන් මාලිමාව සහ රජය පමණක් නොවෙයි, පුද්ගලික යූ ටියුබ් චැනල් වලත් මාධ්‍ය ප්‍රකාශක වෙලාද? පුද්ගලික චැනල් වලින් කතාකරන්නේ රජයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස නම්, ඒ සඳහා වැටුප සහ වියදම යන්නෙත් රජයේ මුදල් වලින් නේද? ඒකත් එතකොට පොදු දේපල අවභාවිතාවක් තමයි...

:       0       1

Gagana Sunday, 24 August 2025 04:31 PM

ඔයාලාට ආයෙ කවදාවත් බලය ලැබෙන්නේ නෑ. ඒක නිසා පරිස්සමෙන් පරිහරණය කරන්න.

:       9       14

ගුණරත්න Sunday, 24 August 2025 05:07 PM

පාණ්ඩුව සුදා කියන මිනිහා හෝදන්න කැබිනට් ප්‍රකාශක එවලා තියෙන්නේ ඇයි...?

:       6       13

මිලානෝ වැසියා Sunday, 24 August 2025 09:20 PM

තව ටික දවසකින් මිනිස්සු ඔහේලාට ගහලා පන්නනවා. අන්න එදායින් පස්සේ පත් වෙන ආණ්ඩුවෙන් දෙන රිටර්න් වලටත් ඔය විදිහට කියාගෙනම මූණ දෙන්න දැන්ම ඉදලා ලෑස්ති වෙලා ඉන්න සහෝදරයා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 162 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site