(අංජුල මහික වීරරත්න)
සංඥා භාෂා පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීම තුළින් ශ්‍රවණාබාධිත තැනැත්තන්ට තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් ලැබෙන අතර, සමාජයේ සියලු කටයුතු වලදී පුර්ණ සහාභාගීත්වයත්, සමාන අවස්ථාවන් බාධාවකින් තොරව ලබා ගැනීමටත් හැකි වේ.
සංඥා භාෂාව පිළිගත් භාෂාවක් කිරීම සඳහා 2010-09-08 දින අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, සංඥා භාෂාව විධිමත් සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පිළිගැනීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2017-09-12 දින සහ 2021-01-18 දින ගනු ලැබ ඇති අමාත්‍ය මණ්ඩල තීරණයන් පරිදි නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දී තිබේ.
අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සංඥා භාෂාව පිළිගත් බසක් කරන්න යයි