
(රෝෂන් තුෂාර)
අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබූ හිටපු කොමන්ඩො සෙබළ සැකකරු සහ ඔහුට පලායාමට සහය දුන් රියදුරු ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.
සැකකාර ඝාතක ත්‍රිවිල් රථ රියදුරුකු වන සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි සහ වෑන් රථ රියදුරු කරන්චාරගේ මහේස් සම්පත් පියදර්ශන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට පැය 24 කාලයක් ප්‍රමාණවත් නොවන බැවින්,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7/1 වගන්තිය ප්‍රකාරව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාගේ නියෝගය පරිදි පැය 72 ක් වරාය පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් කරුණු දක්වා ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතන සිදු කිරීම,ඊට ආධාර අනුබලදීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාර වූ විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් ඊයේ දින පස්වරු හතරයි තිහට පමණයි අත්අඩංගුවට ගත් බව ද, මහරගම ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු වන සමිදු 27 වැරදි පුද්ගලයකු බවත් සම්පත් පියදර්ශන රියදුරු 44 හැවිරිදි මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව අයකු බවත් වැඩිදුරටත් කරුණු සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
708
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංජීව ඝාතකයා,රියැදුරා පැය 72 රඳවා ප්‍රශ්න කරයි