IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සජබ මන්ත්‍රීවරු රෝස පටි පැළද මැති සබේට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිසබයේ  කාන්තා හිංසනයට විරෝධය පළ කරන බව පවසමින් සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන් "කාන්තාවන්ට එරෙහි හිංසනය වළක්වමු" යන පාඨය සිය ශරීරයන්හි ප්‍රදර්ශනය කරමින් අත්වල රෝස පැහැති පටියක්ද  පැළඳ මැතිසබයට අද  (25) පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විවිධ දේ පැවසීම නිසා සභාවේ උණුසුම් තත්ත්වයක්ද පෙරවරුවේ ඇතිවිය.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසීය.

රෝහිණි  මන්ත්‍රීවරියට  මේ සභාවේදී සිදුවූ හිංසනය ගැන කතානායකතුමා   හෙළා දැක්කා. ඒකෙන් ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. නමුත් මෙතැනදි අපි ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා.

මෙතන එදා සිදු වුණේ අපි කවදාකවත් නොදැකපු තත්වයක්. ඒ මන්ත්‍රීවරයාට   දඩුවමක් දෙන්න ඕන.කාන්තාවන්ට හිංසන වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය යෙදිල තියෙන්නෙත් අද. මේකත් හරියට දෛවයේ සරදමක් වගෙයි.  අද ඉඳලා දවස් දහසයක් මුළු ලෝකයම  මේ ගැන කතා කරනවා. මේ සිද්ධිය පාර්ලිමේන්තුවට ලැජ්ජාවක්. මේක ඔබතුමා හෑල්ලුවට ගණන් ගන්න එපා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:

මම ඒ ගැන තීරණයක් දුන්නා. ඔබතුමා තිස් අවුරුද්දක් මේ සභාවේ හිටියා.  මාත් මෙතන  කාලයක් හිටියා.  මීට වඩා වචන පහුගිය පාර්ලිමේන්තුවේදී අපිට ඇහුණා. නමුත් ඒ සම්බන්ධයෙන් ගත්තු තීරණයක් නැහැ. 

 



අදහස් (3)

සජබ මන්ත්‍රීවරු රෝස පටි පැළද මැති සබේට

දාස Thursday, 25 November 2021 12:59 PM

අවුරුදු 73 තිස්සෙ දකින විගඩම් , මහජනයා දන්නව එකම කාසියෙ දෙපැත්ත කියල

:       1       24

මහසෙන් Thursday, 25 November 2021 01:31 PM

පාර්ලිමේන්තුවේ පමනද කාන්තාවන් හිංසනයට ලක්වෙන්නේ. ඔච්චර තමා දන්නේ

:       1       14

Sharn Thursday, 25 November 2021 02:00 PM

රෝස පටි ඕනේ නෑ, ඔය බොෙහා්මයක් පාර්ලාමේන්තුවේ ඉන්න අයගෙ වැඩ ගැන කතා කරල වැඩක් නැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site