
(සුමිත් පොතුපිටිය)
කළුතර මහ නගර සභා අපේක්ෂකයකු ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වුවද ඉලක්කය වැරදී ඇතැයි කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග කළ බන්දුල ප්‍රසන්න මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවද පොලිසිය කීය.
බන්දුල ප්‍රසන්න මහතා ඉලක්ක කරගනිමින් මීට මාස 9 කට පෙර පළාත් පාලන මැතිවරණ සමයේද වෙඩි ප්‍රහාරයක් එල්ලවී එයද ව්‍යර්ථව තිබුණි.
බන්දුල ප්‍රසන්න මහතා කළුතර නාගොඩ හන්දියේ හෝටලයක් පවත්වාගෙන යන අතර, ඒ අසල පොලිස් ආරක්ෂක මුරපොලක්ද පවත්වාගෙන යනු ලබයි.
පොලිස් නිළධාරින් හෝටලය ඉදිරිපිට ආරක්ෂාවේ යෙදී සිටියදී හෝටලය පිටුපසින් පැමිණී පුද්ගලයකු වෙඩිතැබූ බවත්, එය ව්‍යර්ථ වී (මිස් ෆයර්) ඇති බවත් පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත්ගේ අපේක්ෂකයො ඔක්කෝම නියමෙටම තෝරලා තියෙනවා. මේ අය දේශපාලන පුහුණුව අරගෙන තියෙන්නේ මෙක්සිකෝවෙන්ද?
කුඩු ප්‍රශ්න සහ පොලිස් ආරක්ෂාව.
කළුතර කළුවර කරන අයව පන්නා දමමු.
සිගිති පාතාලයෙන් ඇවිල්ලා වත්ද?
හැමතැනම වෙඩිතැබීම්, රිය අනතුරු, ඝාතන... මේවා නම් කවදා ඉවරයක් දකින්නද? පැය 24ම බණ අහපු රටකට වෙච්චි දෙයක්...
හොද වෙලාවට ඉලක්කය වැරදුණේ...නැතිනම් මැරෙනවානේ... මේ රටේ ඇත්තටම ඉන්නේ මිනිස්සුද?
මාලිමාවෙන් හරි මේ පාතාලය දුරු කරන්න...
88/89 ත් මේවගෙ ඝාතන සිදුවුණා.