(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය සමඟ මෙතෙක් පැවති සාකච්ඡා අති සාර්ථක බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක එක්ව තරඟ කරන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඉදිරි සතියේදී පක්ෂ නායකයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.
මූළික වටයේ මෙතෙක් පැවති සාකච්ඡා ධනාත්මක බැවින් පක්ෂ නායක මට්ටමේ තීරණාත්මක හමු ඉදිරියේදී පැවිත්වීමට නියමිත බවත් අත්තනායක මහතා කීවේය.
එහිදී මැතිවරණයට ඉදිරිපත් වන ලංඡනය ඇතුලු අනෙකුත් සාධක පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිත බවත් ඔහු තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස්ස අත්තනායක ඉන්න පක්ෂය හැමදාම පැරදි.
රටේ සාපය තමයි.. රටට සාපය.. පොහොට්ටු..!
හොරු එජාපෙන් යනතුරු එජාපේ එක්ක සජබේ එකතු වෙන්නේ නැහැ හොඳේ...!
එකට මිටට ඉඳලා පැරදෙන්න හදන අවංක, උත්සාහයට මාගේ සාතිශය සතුට...!
මේක කොච්චර හාස්‍යජනකද..? හරිම පිළිකුල් සහගතයි... හොරු ඔක්කෝම දැන් එකතුවෙලා. එන්න, අපි දැන් ඔබව පහසුවෙන් පරාජය කරන්නෙමු.