
(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (26) පැවැත්විණ.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අතර මෙරට සමාජ ආර්ථික හා දේශපාලන කරුණු රැසක් සමිබන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.
වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා දැනුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කටයුතු කරනු ලැබීය.
පවතින බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම සඳහා ඉදිරියටත් සහයෝගය ලබා දෙන ලෙසත් එහිදී විපක්ෂ නායකවරයා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
මෙම හමුව සඳහා මෙරට ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් මැතිව් ලෝඩ් මහතා එක්විය.
2025 නොවැම්බර් මස 04
818
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2466
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1773
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සජිත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමුවෙයි
වික්‍රම විදුර අසන Wednesday, 26 February 2025 02:59 PM
ලංකාවෙ ඉස්කොල වලට දැං බස් සුහුරු පංති කාමර තියනවා.. ඔස්ට්‍රේලියාවෙ ළමයින්ට තමයි ඔය මුකුත් නැත්තේ සජිත් මැතිතුමා හදන්නෙ ඔස්ට්‍රේලියාවෙ ඉස්කොල වලටත් බස් දෙන්න යි සුහුරු පංති කාමර දෙන්නයි...
මැක්ස් Wednesday, 26 February 2025 03:00 PM
මෙවැනි කොන්ද පණ නැති විපක්ෂ නායකවරුන් ලෝකයේ වෙනත් රටවල නැති බව ප්‍රේමදාස මහතාට කියා දෙන මැන ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් තුමනි.
පිටරටවැසියා Wednesday, 26 February 2025 03:25 PM
ජපන් භාෂාවෙනුත් අදහස් හුවමාරු කරගෙනද ?
දොන් සේතන් Wednesday, 26 February 2025 03:29 PM
එහෙනම් මෙයා ඕස්ට්‍රේලියන් කාරයන්ටත් ඉංගිරිස් ටිකක් උගන්නන්න ඇති.
කව්ද බෝයි Wednesday, 26 February 2025 04:46 PM
සුද්දට කලිසමේ යන්න ඇති... ලොවෙත් නැති බර ඉංග්‍රීසි වචන වලට...
රුවන් Wednesday, 26 February 2025 06:42 PM
ඕස්ට්‍රේලියාවේ වීසා අයදුම් කරන්නද?