
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
බහු කාර්ය නිලධාරීන් 4500ක් ස්ථිර කිරීමට රජය කටයුතු කර තිබෙන අතර ඊට ස්තුතිය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
"ස්වේච්ඡා සංචාරක මාර්ගෝපදේශකයන් දහසක් සිටිනවා. ඔවුන් සම්බන්ධවත් අවධානය යොමු කරන්නැයි සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඉල්ලා සිටියේය.
"අද රට මුහුණ දෙන අභියෝග පිළිබඳව මේ ආණ්ඩුවට අවබෝධයක් නෑ.33%කින් විදුලි බිල අඩු කරන බව ඡන්දෙට පෙර ප්‍රකාශ කළා.දැන් ආණ්ඩුව 18% කින් විදුලි බිල වැඩි කරන්න යෝජනා කරනවා. මේ සමගම ජල බිලත් වැඩි කරනවාද කියා අප අහනවා.අද තියෙන්නේ සුළං විදුලියට ,පුනර්ජනනීය බල ශක්තියට විරුද්ධව ක්‍රියාත්මක වන රජයක්. අයි.එම්.එෆ් ගිවිසුම ගෙඩිය පිටින් ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුව කටයුතු කළා.විදුලි බිල වැඩි වන්නේත් අයි.එම්.එෆ් කොන්දේසියක් අනුවයි යනුවෙන්ද ප්‍රේමදාස මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං අහනවා ආන්ඩුවෙන් .. අපි කියනවා ආන්ඩුවට.. (තව වෙන මොනවද නේ සජිව)
මෙයා හොදයි මොන්ටිසෝරියේ ශිෂ්‍ය නායකකමට.
කිසිම වගකීමකින් වැඩ කරන බවක් සජිත් ළඟ නෑ..! රටට ඔරොත්තු නොදෙන රාජ්‍ය සේවයට තවතවත් එක්කරමින් රටේ ආර්ථිකයට තවත් බර පටවන කොට එයාට සතුටුයිලු...! අනුර, සජිත්, මහින්ද හැමෝම කරන්නේ රාජ්‍ය සේවයට අල්ලස් දෙමින් රටේ ආර්ථිකය සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත් කිරීමයි...! රටේ පුරවැසියන් බහුතරය දූෂිත, අමන, ස්වභාවය දැනගෙන තාලයට ඔවුන් සංගීතය සපයනවා...!
මෙතන අර 30 % අඩුවීම ගැන කියැවෙන්නේ නැත්තේ කට උලුක් වෙලාද විපක්ෂ නායකතුමෝ...?
මෙයාගේ, සංස්කෘතික අරමුදලේ මහා පරිමාණ කෝටි ගණන් හොරකම් කීපයක් කෝප් කමිටුවේ හොයාගත්තු විස්තර වගයක් අපි TV news වල මේ ළඟදී දැක්කා. එහෙම බැලුවොත් මෙයත් හොරෙක්.
කපන්න බැරි අත ඉඹිනවා...