(සුමිත් පොතුපිටිය )
නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ සුප්‍රසිද්ධ වාහන අමතර කොටස් සමාගමක් තුළ සූක්ෂමව සඟවා තිබු රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති විදේශීය රටබීම තොගයක් සමඟ එහි කළමණකරු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි එහි කළමනාකරු වශයෙන් කටයුතු කරන පුද්ගලයකු බව පොලිසිය කීය.වාහන අමතර කොටස් අලෙවි කරන අතරතුර රටබීම තොග වශයෙන් සගවා ඇති බවට
ලද තොරතුරක් මත, දෙල්කද පිහීටි වාහන අමතර කොටස් ආයතනය වටලා මත්පැන් තොගය සොයාගෙන කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
රටබීම තොග වශයෙන් සගවා තබා කොල්ලුපිටිය පිහිටි රාත්‍රී සමාජ ශාලා දෙකකට තොග වශයෙන් රැගෙන යන බවට සිදුකළ මුලික පරීක්ෂණ වලදී හෙලිව ඇති බවත් පොලිසිය සදහන් කරයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සඟවා තිබු කෝටියක රටබීම සමඟ අයෙක් අල්ලයි
Perera Monday, 17 February 2025 08:08 AM
දැන් කාලේ වෙනස්, තාලේ වෙනස්. මහ පරිමාණ හොර ජාවාරම් වලට ඉස්සර වගේ දේශපාලන අනුග්‍රහය නැහැ