
(අංජුල මහික වීරරත්න)
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා තෙවරප්පෙරුම මහතාගේ මතුගම නිවසට අද (17) ගියේය.
තෙවරප්පෙරුම මහතාගේ බිරිය සහ පුතණුවන් සමග අවමංගල්‍ය උත්සවයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ එජාප සභාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ශෝකය තෙවරප්පෙරුම පවුලට පිරිනමා තිබේ.
තෙවරප්පෙරුම මහතාගේ වියෝව ඇසූ සැණින් ජනාධිපතිවරයාද දැඩි ලෙස ශෝකාකූල වූ බව එහිදී සඳහන් කළ වජිර අබේවර්ධන මහතා එජාපය අන්ත අසීරු තත්ත්වයට පත් වූ මොහොතේ පවා පක්ෂය හැර නොගිය තෙවරප්පෙරුම මහතාගේ වියෝගය දරා ගත නොහැකි පාඩුවක් බව ද සඳහන් කර ඇත.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර , සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් මහත්වරුද තෙවරප්පෙරුම මහතාගේ මතුගම නිවසට ගොස් අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වජිරට බෑ පාලිතගෙ හැකියාවට ලගින්වත් යන්න.පාලිත ජනතව ආදරය කරන පුද්ගලයෙක්. වජිර ජනතා කෝපයට පත් උන ඩීල්බ්කාරයෙක්
මට පෙනෙන්නේ මුන් කට්ටිය එකතුවෙලා ,චන්දෙට මිනිය විකුනන්න වගෙයි...එක්සත් ජාතික පක්ෂය කියන මිනීමරු හොර ගුහාවේ හිටිය එකම " මිනිස් ගති ගුණ තිබුන සැබෑ මිනිසා" තෙවරප්පෙරුම මහතා පමණයි.
පෙට්ටියට අත ගහලා චන්ද ටිකක් කඩාගන්න බැලුවේ නැතිද ?
පාර්ලිමේන්තුව නියෝජනයක් කලාවූ මිනිසුන් අතර අපට අහිමිවූයේ රන්කදක් බවත් මොහුට සමකල හැකි මිනිසෙක් මේ මිහිපිට නොමැති බවත් අන් හැමෙකාම නොදන්නා ඔහු මැරෙන බව දැන ක්‍රියාකල උතුම් මිනිසෙකි.
රොනී වගේ මෙයා රනිල්ට රහසින් මුකුත් කියලා තිබිලා නැතිද ?
තෙවරප්පෙරුම මහතාගේ වියෝව ඇසූ සැණින් ජනාධිපතිවරයා දැඩි ලෙස ශෝකාකූල උනාද? අනේ පව්.
කොහොමද ?රටේ ජනතාවගේ ප්‍රතිචාරයේ වෙනස,පාලිත ට සහ සනත් නිශාන්තට ,දැනට ජීවත් වෙලා ඉක්න දූෂිත කම් කරන හැම එකෙක්ම තේරැම් ගනිල්ලා,"life is very short"කියලා,
ඩීල් වජිරයගෙ සූදානම පාලිත තෙවරප්පෙරුමගේ මෘත දේහය විකුණාගෙන කෑමයි. ඌ අශූචි ගොඩක් හරි අහුවුනොත් කන ජාතියේ එකා.
ඩීල් වජිර, පාලිත තෙවරප්පෙරුමගේ මෘත දේහය විකුණාගෙන කෑමට සූදානම් වගෙයි.
මැරෙන බව අමතක නොකළ එකම දේශපාලකයා තෙවරක්පෙරුම මැතිතුමාට නිවන්සුව පතමු.