IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෞඛ්‍ය කාර්ය සහයකයෝ 1900 ක් බඳවා ගනිති

(අංජුල මහික වීරරත්න)

රෝහල් වල අතරමඟ නවතා ඇති ඉදිකිරිම් සංවර්ධන ව්‍යාපෘති ඉදිරි වසර දෙක ඇතුලත අවසන් කිරීම සඳහා රුපියල් බිලියන 45 ක් වෙන්කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය කාර්ය සහායකයින් 1900 ඉදිරි මාස දෙකේදී බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.

ක්ෂේත්‍ර රාජකාරි වල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙල ලබන අප්‍රේල් මස වන විට ආරම්භ කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කීවේ අම්පාර දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැති හමුවකදීය.

මේ වන විට සමස්ත රාජ්‍ය සේවයට 70,000 ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවත් එයින්  සෞඛ්‍ය සේවාවට ද සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් කෙරෙන බවත් අමාත්‍යවරයා කීය.



අදහස් (4)

සෞඛ්‍ය කාර්ය සහයකයෝ 1900 ක් බඳවා ගනිති

ගුණරත්න Monday, 22 September 2025 02:21 PM

හේ හේ. රාජ්‍ය සේවේ වර්දනේ වෙනවා. නිකමුන්ට පඩි ගෙවන්න ආණ්ඩුවට තව බදු ගෙවපල්ලා.

:       12       14

රනේ Monday, 22 September 2025 02:27 PM

රට නැගිටිනවා දකින්නත් සතුටුයි.. ජය වේවා!

:       10       17

JayasekaraMonday, 22 September 2025 02:53 PM

රණේ... රට නැගිටිනවා දකින්න අකැමැති ඉතා කුරීරු කුහක රොත්තක් ඉන්නවා.

:       8       9

Chandadasa Monday, 22 September 2025 05:06 PM

රාජ්‍ය ආයතනවල ගෝඨාභය කාලයේ බදවාගෙන සිටින සේවකයින් කිසිම වැඩක් නොකර කාලය කාදමමින් ඉන්නවා... ඇයි ඒ අයව ඵලදායක සේවයකට නොයොදන්නේ අමාත්‍යාංශයකට අහ්‍යන්තර විගණන අංශයක් තියනවාලු ඒ අයව යවා සමීකරණයක් කරලා බලන්නකෝ රාජ්‍ය සේවයත් ක්ලීන් ශ්‍රීලංකා කරන්න...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site