
(රෝෂන් තුෂාර)
පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව මහේස්ත්‍රාත් අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය ඝාතනය කළේ යැයි කියන සැකකාර වෙඩික්කරු පෙරට්ටුවේදී හඳුනා ගැනීමට සාක්ෂිකරුවන්ට නොහැකි වී ඇත. සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේදී අද (04) පස්වරුවේදී සිදු කරනු අවස්ථාවේදී මෙසේ හඳුනාගෙන නොමැති බව පැවසේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය පසුගිය (21) දින කළ නියෝගයක් පරිදි මෙම පෙරට්ටුව අද පස්වරුවේ සිදු කෙරුනු අතර සැකකාර වෙඩික්කරු වන සමිදු දිල්ෂාන් බන්ධනාගාර හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් මගින් දැඩි රැකවල් මැද්දේ ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
හඳුනා ගැනීමේ පෙරට්ටුවෙන් අනතුරුව සැකකරු ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු එදින ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කර ඇත.
අපරාධය සිදුකළ දින අංක පහ අධිකරණ ශාලාවේ රඳවා සිටි බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර ඇති අතර සාක්ෂිකරුවන් විසින් සැකකරුව හඳුනා නොගත් බව සැකකරුගේ නීතිඥවරයා සඳහන් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය නිලධාරීන් පෙනී සිටිි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2082
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාක්කිකරුවෝ සංජීව ඝාතකයා හඳුනා නොගනිති
idr tharanga Wednesday, 04 June 2025 04:07 PM
ඒකව අඳුරගෙන ඔවුන්ටත් වෙඩි කන්න වෙන්නේ...
යෝගා Wednesday, 04 June 2025 04:43 PM
ඊළඟට ඇප ලැබෙනවා. ඊට පස්සේ අතුරුදන් වෙනවා. ඊටත් පස්සේ සෙව්වන්දි එක්ක වෙනත් රටක සතුටින් වාසය කරනවා. මාර නාට්‍ය මේවා...!
ගුණරත්න Wednesday, 04 June 2025 05:29 PM
දැන් බලාගෙන යනකොට නීතිය නොවේ... පොලිස්සියේ උන් තමයි අන්ධ... පොලිසි ඇමැතියා ගැන නම් කියලා වැඩක් නැහැ.
fairoosmr Wednesday, 04 June 2025 06:10 PM
ලංකාවේ පොලිසිය නම් කියලා වැඩක් නෑ.
de silva Thursday, 05 June 2025 12:41 AM
ඝාතකයා කියලා අල්ලා ගත්තේ වෙන පුද්ගලයෙක්..., ඇල්ලුව අවස්ථාවේ හොඳට හිනා වේවි වෑන් එකේ හිටියේ...!
Wimal Thursday, 05 June 2025 06:41 AM
එදා කොන්ඩ රැවුල කපලා ටයි, කෝට් දාලා හිටපු කෙනා අද සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන කාලෙකට පස්සේ පෙන්වන්නේ අඳුනගන්න එපා කියලා නේද? මේ මොන විකාරද?