IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


සංචාරක යටිතල පහසුකම් ගැන හොඳට හිතන්න

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ, සංචාරක අමාත්‍යාංයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (17) පැවැති සාකච්ඡාවේදීය. 

මෙවර අයවැයෙන් සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ මෙහිදී නිලධාරීහු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළහ.

සංචාරක ක්ෂේත්‍රයේ නව පියවරක් තබමින් සංචාරකයින් මිලියන 03ක් මෙම වසරේදී මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට මෙම ප්‍රතිපාදන යොදා ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීහු සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (4)

සංචාරක යටිතල පහසුකම් ගැන හොඳට හිතන්න

sarath Monday, 17 March 2025 05:33 PM

රුවන් රණසිංහ ඇමතිතුමනි, ඔබගේ ගෙදර සිට කිලෝමීටර් 4 දුරින් තිබෙන, රැකව ගම්මානයේ වැල්ලඔඩය මාර්ගයේ සංචාරක හෝටල් 15ක් පමණ තිබෙනවා. රෙස්ටුරන්ට් 5ක් පමණ තිබෙනවා. තව සංචාරක හෝටල් 7-8 හැදෙමින් පවතිනවා. කුඩා මාදැල් වරායවල් 2 තිබෙනවා තවම පාරට තාර ටිකක් දමලා නැහැ. වැසි කාලයට විශාල වලවල්, සංචාරක වාහන යන්න බැහැ... සංචාරකයෝ ප්‍රවාහනය සිදු කරන්නේ ත්‍රිරෝද රථ වලින්, මාරකොල්ලියේ ලැගුන් පරදිස්, mangrow Beach shalley හෝටල් ඇතුළු හෝටල් 20 කට පමණ යන්න තිබෙන පාරවල් වල සංචාරකයෝ තබා සාමාන්‍ය මනුස්සයෙකුටවත් යන්න බැහැ... ඔබගේ ප්‍රදේශයේ තිබෙන සංචාරක හෝටල් වලින් 40%ක් තිබෙන්නේ ඉතා අසීරු ප්‍රවේශ මාර්ග, කරුණාකර මේවා සොයාබලා සංගණනයක් කර ලබන ටුවරිස්ට් සීසන් එකට හෝ මේවා හදලා දෙන්න.

:       0       14

jayathilaka Monday, 17 March 2025 06:26 PM

හික්කඩුවේ, බේරුවල, බෙන්තොට මීගමුවේ සංචාරක හෝටල්වලට පහසුකම් තිබෙනවා. අර සරත් කියපු කතාව සම්පුර්ණ ඇත්ත, වැල්ල පාර නම් මඩ වගුරක්, අර බකිංහැම් හෝටලේ පහු කරගෙන භාවනා එක පැත්තට යන පාරත් මඩ වගුරක්, රැකවේ අලෙක්සැන්ද්‍රා හෝටලේ ඇතුළු අනෙක් හෝටල් වලට යනපරවල් මඩ වගුරු, කෙටියෙන් කියනවා නම් ඔය පැත්තේ තිබෙන හෝටල් වලින් 50% යන පාරවල් මඩ වගුරු..., ඇමැතිතුමා ගමේ ගියාම යන්න ගමේ හෝටල් තිබෙන මුහුදු බඩ ප්‍රදේශයේ නිරීක්ෂණයකට, එහෙම නැතිනම් කැඳවන්න ගමේ හෝටල් හිමියන් රැස්වීමකට කල් ඇතුව ආරාධනා කළොත් අප්‍රේල් අග වගේ හැමෝම ඒවි ටුවරිස්ට් සීසන් එක අවසානේ නිසා, කරන දෙයක් දැන් කරන්න...

:       0       0

Nihal Monday, 17 March 2025 09:07 PM

හිඟන්නෝ සංචාරකයන් පිටුපස යන එකටත් පියවරක් අවශ්‍යයි,එයට ඔවුන් කැමතිම නැත,එ එෛතිහාසික පඬුවස්නුවරත් සංචාරකයන්ට නරඹන්න අවස්ථාව සලසනවානම් පලාතේ දියුණුවටත් යහපතක් වෙනවා

:       0       4

R.T.sarath Tuesday, 18 March 2025 09:22 AM

රුවන් රණසිංහ මහත්මයා හොඳ අධ්‍යාපනයක් තිබෙන හොඳ ගුණ යහපත් කෙනක් නමුත් ඔහු කලින් ප්‍රාදේශීය සභාවකවත් හිටපු කෙනෙක් නොවේ , මේවා කරන්න එයාට පලපුරුදක් නැහැ, ප්‍රදේශයේ ජනතාව විවිධ දුක් ගැනවිලි එයාට කීවට ක්‍රියාත්මක කරන්න ඔහු දන්නේ නැහැ , එක නිසා රජයේ නිලධාරී ඕනේ ඕනේ විදිහට පග ගහනවා , කිසිම දෙයක් පගාව නොදුන්නොත් කරන්නේ නැහැ. ජනතාව ඉන්නේ හරිම පීඩනයෙන්

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 864 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 972 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site