IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


සංචාරකයන් ගෙන්වීමෙන් සත පහක ආදායමක් නෑ

(යොහාන් භාසුර)

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන බව ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. එහිදී විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

යුක්රේන ජාතිකයො ලංකාවට ඇවිත් සංචාරක කර්මාන්තය දියුණු වෙනවා නෙමෙයි. අපිට බදු ආදායම අහිමිවෙනවා. මම අහන්න කැමතියි ඒ සංචාරක ව්‍යාපාරයෙන් අපේ රටට ලැබෙන ආදායම

හැබැයි ඒ එන මගීන්ට, සේවකයන්ට සියලු යටිතල පහසුකම් සපයන්න ඕන. වතුර ටික, විදුලිය, වැලිකිළි පහසුකම් අනික් සියලුම දේවල්. අපේ රටේ සේවකයන්ට පඩි ගෙවන්නේ අපේ රටේ ජනතාව ගෙවන බදුවලින්. මේක මහ ජාතික අපරාධයක්. සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියලා මේ කරන්නෙ රට තවත් අනතුරකට හෙළිමක්

වසංගත රෝග අංශය ඉතා පැහැදිළිව කියනවා යුක්රේන ගුවන් සේවක කණ්ඩායමකින් තමයි ‘කොරෝනා’ දෙවැනි රැල්ල ඇති වුණේ කියලා... සැප්තැම්බර් 11 වැනිදා 11 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ආවේ. මේ කොවිඞ් දෙවැනි රැල්ල යුක්රේනියන් නයින් ඉළෙවන් (9/11) ප්‍රහාරයක්. මෙයින් තමයි මේ දෙවැනි රැල්ල ව්‍යාප්ත වෙලා යන්නේ.

පසුගිය කාලය තුළ මගී ගුවන් යානා 45 ක් ඇවිත් තියෙනවා. සැප්තැම්බර් මස 21, ඔක්තෝබර් මස 10 ක් සහ නොවැම්බර් මස 14 ක් ඔක්තොම 45 ක් ඇවිත් තියෙනවා. නමුත් සත පහක ආදායමක් නෑ.

නමුත් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කිරීම හරහා ආදායමක් ලැබෙන්නේ නෑ. හමුදාව ගෙනල්ලා තමයි යුක්රේන ජාතිකයන් මුහුදු වෙරළේ නාවන්නේ. හමුදාවට පඩි ගෙවන්නේ අපේ රටේ සල්ලිවලින්.

විදේශත ශ්‍රමිකයන් ලංකාවට ගෙන එද්දි සිදුවන ජාවාරම ජනාධිපතිතුමා වටේ ඉන්න ඥාාති සහ යාළුවො පිරිසක් තමයි මෙහෙයවන්නේ. ඒක කවුරුත් දන්නවා. මේ වැඬේ කරන උදයංග වීරතුංග කියන්නේ ජනාධිපතිතුමාගේ ඥාතියා, හොඳම මිත්‍රයා.

අද මොකක්ද මේ වෙන්නේ, ගුවන්තොටුපළ බද්ධ නිදහස් කරනවා. මත්තල ගුවන්තොටුපළේ බද්ධ නිදහස් කරනවා. මේ ගැසට් එක ගහලා තියෙන්නේ 2020.10.01 සිට 2022.09.30 දක්වා. එක මගියකුගෙන් ඩොලර් 60 ක් අය කරනවා.

උදයංග වීරතුංගම කියන විදියට යුක්රේන ජාතිකයන් 2,500 ක් ගෙන්නන්න යනවා. එවිට එක මගියකුගෙන් ඩොලර් 60 ක් අපිට අහිමිවෙනවා. 2,500 වැඩි කිරීම ඩොලර් 60. ඩොලර් 150,000 යි. ඒක වැඩි කරනවා රුපියල් 190 න් රුපියල් දෙකෝටි අසූපන්ලක්‍ෂයක් අපිට අහිමිවෙනවා.

ඒ විතරක් නෙවෙයි. ලෑන්ඩින් ඇන්ඞ් පාර්කින් ටැක්ස් එකත් අයින් කරලා තියෙන්නේ. ඒ කියන්නෙ අපි ගුවන්යානා ලෑන්ඞ් කරන කොට අය කරන බද්ධත් සම්පූර්ණයෙන් නිදහස් කරනවා අවුරුද්දක කාලක් සඳහා. මේ ගැසට් එක ගහන්නේ 2020 සැප්තැම්බර් මාසෙ 8 සිට 2021 සැප්තැම්බර් මාසෙ 8 වැනිදා දක්වා. අවුරුද්දක කාලයක් මත්තලට එන ගුවන්යානාවලට ලෑන්ඩින් චාර්ජස් නෑ. පාර්කින් චාර්ජස් නෑ

මොකද්ද අපිට ලැබෙන ආදායම. සත පහක ආදායමක් නෑ. මේ පැයකට කළිනුත් යුක්රේන ජාතිකයන් 185 ක් ලංකාවට බෑවා. සත පහක ආදායමක් නෑ යයිද විජිත හේරත් මහතා පැවසීය.



අදහස් (12)

සංචාරකයන් ගෙන්වීමෙන් සත පහක ආදායමක් නෑ

සිරිබිරි Thursday, 07 January 2021 04:13 PM

ඒ වුණාට අර කට්ටියගේ සාක්කු පිරෙනවනේ රටට මොකක් වුණත්...

:       12       33

බද්රානි Thursday, 07 January 2021 04:13 PM

තක්කඩියන්ගේ පොකට් එක පිරෙනවා නම් සතුටු වෙන ගොන් ජනතාවක් ඉන්න රටකට මොකටද ආයේ ආදායම්? ඔය කොරෝනා අරන් එන්නේ ඇතිවෙන්නම? පිටරට යුක්රේන් හිඟන සුද්දන්ගේ කොරෝනා වුණත්, දේශප්‍රේමී අපට හරිම වැදගත්.. කාටද ආඩම්බර?

:       17       35

BamunuarachchiTuesday, 12 January 2021 02:34 AM

1971, 1989 කාලේ රටට පාලම්, බෝක්කු හදලා ට්‍රාන්ස්ෆෝමර් හදලා විශාල අාදායමක් සොයාදුන්න කට්ටිය දැන් සංචාරකයින් ගෙන්වීමෙන් විශාල ආදායමක් නැතිලු. අනේ අම්මපා දුක ඇති...

:       0       0

chandima Thursday, 07 January 2021 04:15 PM

මේ උම්බෑ කියනවද? තප්පුලනවද? පෙනෙන්නේ මේ ගොල්ලන්ව මහජන මුදලින් නඩත්තු කරන එකෙත් නඩත්තු කරන එකෙත් සත 5ක වැඩක් නැහැ කියලයි...

:       31       22

sharm warnFriday, 08 January 2021 03:52 AM

ඔයා කැමැති පක්ෂයකට ඡන්දය දෙන්න. නමුත් අඩුම තරමේ මේ කියන සාධක හරිද වැරැදිද කියලා... හොයලා බලලා කතා කරන්න. 69 ලක්ෂයක් පට්ටියේ කෙනෙක් කියලා ප්‍රදර්ශනය කරන්නේ නැතිව. බැසිල් කිව්වා මේ සංචාරකයෝ ගෙන්වන්නේ ලෙඩේ බෝ වෙන්නේ කොහොමද කියලා බලන්නත් එක්කලු. මේ අයව පොදු සමාජයට යවන්නේ නැහැ කියලා. එතකොට ලංකාවේ මිනිස්සු විද්‍යාගාර මීයන් හැටියට තමයි මේ මනුස්සයා හිතලා තියෙන්නේ. ඔයා ඒ ගැන ආඩම්බර වෙනවද? අනික මේ සංචාරකයෝ පොදු සමාජෙට මිශ්‍රෙවන්නේ නැහැ කියන්නේ කොහොමද? මෙයාලව ගෙනියන රියදුරන් නවතින තැන්වල සේවකයෝ.., ගුවන් තොටුපළේ සේවකයෝ, මේ ගොල්ලෝ ඉන්නේ සමාජයේ නෙමෙයිද? අහසේ පැලක් බැඳගෙනද? මිනිස්සුන්ගේ පැත්තෙන් හිතලා බලන්නකෝ. මේ කියන කරුණු අරගෙන. දෙවියන් කරගෙන ඉන්න හොරුන්ගේ පැත්තෙන් හිතන්නේ නැතිව.

:       2       2

බණ්ඩාර Thursday, 07 January 2021 06:14 PM

අපි ජනාධිපතිතුමාට ඡන්දෙ දුන්නේ මේ වගේ ඉල්ලන්කන වැඩ කරන්න නොවේ. උදයංග ගේ සාක්කු පුරවන්නත් නොවේ.

:       0       1

69lakshaya Thursday, 07 January 2021 07:00 PM

විදේශිකයින් ගෙන්වීම අත්‍යාවශ්‍යයි. රටට කෝටි ගණන් සල්ලි යුක්රේනයෙන් දැන් එනවා. කොරෝනා පැණියෙන් ලංකාවේ කොරෝනා පාලනය කරගන්න පුළුවන් බව සර්ලා අපිට කියලා තියෙනවා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ.

:       0       0

rocky Friday, 08 January 2021 01:50 AM

සත 5ක ආදායමක් නොලැබෙන්නේ කාටද? ලැබෙන කට්ටියට නම් ගජරාමෙට ලැබෙනවා ඇති. යුක්රේනයෙන් ආපු පරාණවලට තුන් මාසෙකට ලයිසන් දීලත් තියෙනවලු නේද?

:       1       0

දයාන් Friday, 08 January 2021 03:57 AM

නියමු ව්‍යපෘතියක් යනු අඩු පාඩු නිවැරැදි කිරීම් උදෙසා කරන දෙයකි. මේ සංචාරකයින් ගෙන්වන්නේ ඒ අරමුණින්ය. මෙය විශේෂිත වූ කාලයකි. එතෙක් ටිකක් ඉවසන්න..

:       1       2

දිලාන් Friday, 08 January 2021 04:29 AM

කුහකකමේ සීමාවක් නැති නිසාම තමයි ජනතාව 3%ට බැස්සුවේ. අර ෆ්‍රෙඩි සිල්වාගේ "පාන්කිරිත්තා" සින්දුව වගේ හැමදේම විවේචනය කරකර ඉන්නේ නැතුව තමනුත් වගකීමක් අරන් රටට වැඩක් කරලා පෙන්නන්නකෝ...

:       3       3

යාපා Friday, 08 January 2021 05:07 AM

අනේ මහත්තයෝ ඔය වගේ අකුල් හෙලන්න එපා. ඔබලා තරම් කාලකන්නි තවත් නෑ. සංචාරක ව්‍යාපාර කරන ලක්ශ 4ක් 5ක් මිනිස්සු ජීවත්වෙන්නේ කොහොමද?

:       3       2

SUNIL MILANO Friday, 08 January 2021 11:50 AM

යටත් විජිත ඇතුලු නඩය කුපිත වෙලා, කුජීත වෙලා ඉන්නේ යහපාලනයට කඩේ ගිහින් ලැබුණු කොමිස් කුට්ටි නැති නිසයි. කොහොමටවත් දැන් සත පහක්වත් ලැබෙන්නේ නැහැනේ.

:       3       3

ඔබේ අදහස් එවන්න

දියත

‘නිදහස් පක්ෂයේ නියම හිමිකරුවන් අධිකරණයෙන් තීන්දු කළ යුතුයි‘
2024 අප්‍රේල් මස 28 15 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ශව තුනක් අයිතිවාසිකම් කියන බැවින් එහි සැබෑ නියෝජිතයන් කවුරුන්ද යන්න ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානා


හන්තානේ ගණිකා මඩමක් වටලයි
2024 අප්‍රේල් මස 28 444 1

හන්තාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් තුළ මව සහ දියණිය විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ අපරා


අගමන විගමන නිලධාරීන් භාරයේ සිටියදී පලා ගිය ඊජිප්තු ජාතිකයා කොටුවෙයි
2024 අප්‍රේල් මස 28 381 0

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඊජිප්තු ජාතිකයෙකු අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී ඉන් පලා ගොස් මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක සැ


නමගිය අපරාධකරුවෙක් ඇතුළු 5ක් පොලිස් දැලේ
2024 අප්‍රේල් මස 28 323 0

වෑන් රථයකින් කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි දිවයිනේ නම ගිය අපරාධකරුවකු සහ තවත් සැකකරුවන් පස් දෙනෙක් සමග විදේශ රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක


රටේ ලොකුම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොවේ
2024 අප්‍රේල් මස 28 514 2

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට තද වැසි
2024 අප්‍රේල් මස 28 59 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ස්ථාන කීපයකට පස්වර 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ වි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 361 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1758 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1589 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site