IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ශ්‍රී ලන්කන් එකට ‘ටාටා සමාගමත්’ කෙළ හලයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉන්දියාවේ ‘ටාටා සමාගම’ට පැවරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඇති බවත් එම සාකච්ඡා ආරම්භ අවස්ථාවේ ඇති බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඉන්දියාවේ දැවැන්තම ව්‍යාපාර සමූහයක් වන ‘ටාටා සමාගම’ එයාර් ඉන්දියා සමාගම ඇතුළු ගුවන් සමාගම් කීපයක ව්‍යාපාර කටයුතු මේ වන විටත් පවත්වාගෙන යන බවත් එම සමාගම ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිළිබඳව අවදානයෙන් පසු වන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඉදිරියෙන්ම සිටින අතර එම සමාගම ප්‍රතිවූ්‍යහගතකරණය කිරීමට රජය තීරණය කර තිබේ. 



අදහස් (12)

ශ්‍රී ලන්කන් එකට ‘ටාටා සමාගමත්’ කෙළ හලයි

දිමුත් Monday, 08 May 2023 04:06 PM

මොන කුරුමානම දාලා හරි කමක් නැහැ... කවුරුහරි ඔය අටමගලේ ගන්නවා නම්...

:       0       32

Mohi Monday, 08 May 2023 04:12 PM

ටටා බයි බායි....

:       0       13

siri Monday, 08 May 2023 04:14 PM

ඉතාම හොඳ අදහසක්. වැඩදන්නා කණ්ඩායමක් විසින් කලින් ලාභ ලබන ආයතනයක් ලෙසට පවත්වා ගෙනගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවය අපේ රටට දරාගන්න බැරි සුදු අලියෙක් බවට පත්කළේ තමන්ගේ බොල් ඔළුගෙඩි පමණට වඩා ඉදිමුවාගෙන කටයුතු කරමින් රටේ සම්පත් අඩියට යනතුරු සොරාකාපු පව්කාරයින් විසිනුයි.

:       0       31

Samitha S. Aluthgamage Monday, 08 May 2023 04:21 PM

ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩුපිට පාඩු ලැබුවේ මේ රටේ ඇතැම් දේශපාලනඥයින් හා ඔවුන් හා සම්බන්ධ නෑදෑ හිතවතුන් නිසා බව රහසක් නොවේ. විශාල වැටුප් හා ආයතනයකට දැරිය නොහැකි වියදම් ඇති සභාපති වරුන් පත්කොට, පෙරකී දේශපාලකයින් හා පවුල්වල අය නොමිලේ විනෝද චාරිකා නිතර නිතර යනවිට ඒ ආයතන කෝටි ගණනින් පාඩු ලැබීම පුදුමයක් නොවේ. සමාගමේ පැරණි යානා අබලන්ව කුමන මොහොතක මිනිස් ජීවිත විනාශ කරමින් අනතුරක් සිදු වේ දැයි කිව නොහැකියි. රටේ මුදල් ගිලින මේ දැවැන්ත සුදු අලියා විකුණා දැමීම වරදක් බව නොපෙනේ. වෙනත් ගතයුතු විකල්පයක් පෙනෙනතෙක් මානයේ නැත...

:       0       28

fairoos Monday, 08 May 2023 04:36 PM

එහෙනම් ඉතින් ඇමැතිලාට හොඳ ගාණක් ලැබේවි...!

:       3       9

ajith Monday, 08 May 2023 04:36 PM

ඕක කව්රු ගත්තත්, ඔකේ තියෙන ණය කව්රුවත් බාර ගන්නේ නැහැ. අන්තිමේදී ඒ ණය දරනට වෙන්නේ ලංකාවේ මහජනයාටයි.

:       4       17

යෝගා Monday, 08 May 2023 04:41 PM

ඩිමෝ බට්ටන්ගෙ මට්ටමටම වැටෙයි වගේ

:       8       12

raja Monday, 08 May 2023 04:43 PM

රට අරාජිකත්වයට පත් කරපු බලු රාජපක්ෂ මුළු පවුලටම හෙණ හතම වැදියන් !!! පවුල් පිටින්ම මකබැවිලා පල !!!

:       6       28

BamunuarachchiMonday, 08 May 2023 06:12 PM

මේ රටේ ජීවත් වෙන්නේ රාජපක්ෂලා නිසා කියලා බොට අමතකද? බොලාගේ කවුරුද සිංහල අපිට රට ප්‍රභාකරන්ගෙන් බේරාදෙන්න ඉදිරිපත් වුනේ? මේ රට කෑවේ පාහර ජෙප්පෝ කියලා මතක තියා ගන්න. රාජපක්ෂලා නොසිටින්න බොලා කඹුරන්නේ දෙමළුන්ට, හම්බයින්ට... දවසට පස්වතාවක් රාජපක්ෂ අක්බර් කියලා කාල්ටන් පැත්තට හැරිලා වඳින්න.

:       26       7

BamunuarachchiThursday, 11 May 2023 04:33 PM

ajith පවතින හෝ පැවති ගුවන්සේවයක සාරථ අසාර්ථක බව කියන්න ඔබට තිබෙන දැනුම මොකක්ද? ඔහේ කියන්නෙත් කොහේ හරි ඉන්න ජෙප්පෙක් දේශපාලකයෙක් කියන කතා මිස ගුවන්සේවයගැන අධියනය කර නොවෙයි. එහෙම කරන්න ඔබට පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා කොහෙදයන්නේ මල්ලේ පොල් කියමන අදාළ ඔබට.

:       0       0

ajithMonday, 08 May 2023 08:47 PM

යන්නේ කොහෙද, මල්ලේ පොල්. ඔය ගුවන් සේවය එමිරේට් ගුවන් සේවය සමග සාර්ථක හවුල් ව්‍යාපාරයක් ගෙන ගියා. ඒක විනාශ කරේ රාජපක්ෂලා.

:       0       2

bamunuarachchiTuesday, 09 May 2023 02:57 PM

නිකන් බොරුවට ඩිස්ලයික් දමන්න එපා . ලියන්න තරම් දැනුමක් තිබෙනවානම් ලියපල්ලා.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

මත්පැන් සමාගම්වලින් තවමත් රජයට කෝටි 700ක් පොලු
2024 මැයි මස 19 5 0

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර


කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 451 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


රණවිරු සැමරුම් උළෙලින්
2024 මැයි මස 19 376 0

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 3244 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු
2024 මැයි මස 19 343 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 1609 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 805 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2358 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site