IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකන් විකුණයිද?

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා මැදපෙරදිග රටකට ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කෙරෙන ආයතනයක් වන හෙයින් තෙල් පවතින රටකට ලබාදුනහොත් ඉතා පහසුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙන නිසා ඒ ගැන මෙසේ වැඩි අවධානය යොමුවී ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ශ්‍රී ලංකන් එයාර් ආයතනය පවත්වාගෙන යන්නේරුපියල් කෝටි තිස් එක් දහස් පන් සියයක ණය කන්දරාවක් යටතේ හෙයින් මේ ආයතනය මේ රටේ ජනතාවට තවදුරටත් බරක් නොවනු පිණිස ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසරේදීම අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති විවිධ විකල්පයන් හා ගැටලු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් තමාට සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම්දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේ‍ය.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයෙකු බලෙන් ඉවත් කිරීමට ඉඩ නොදෙන බව පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් (Golden Shakehand )ලැබෙන පරිදි ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස ශ්‍රී ලංකන් පාලනාධිකාරියට දැනුම්දුන් බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (27)

ශ්‍රී ලංකන් විකුණයිද?

nanda Saturday, 25 June 2022 09:55 AM

රටේ සම්පත් විකුණන තැනට රට බංකොළොත් කරලා වගකිව යුතු අය පැත්තකට වෙලා බලන් ඉන්නවා.

:       30       23

senaSaturday, 25 June 2022 02:06 PM

සර් මේවා රටේ සම්පත් කියලා වර්ග කරන්න බැහැ. මේවා මහජනයාට බරක් වෙච්චි හෝ කරපු සුදු අලි... ඉතින් කාටහරි විකුණලා දැම්මාම අපිට බරකුත් නැහැ.. කවුරු හරි කෙනෙකුට ලාභ ලැබෙයි..

:       42       34

චමින්ද Saturday, 25 June 2022 10:05 AM

ශ්‍රී ලංකන් නොවෙයි ශ්‍ර්‍රී ලංකා කියන්න දැනටමත් ශ්‍රී ලංකාව ඈවර කරලා වගේ තියෙන්නේ... 1969 ආරම්භ කළ තෙල් පිරිපහදුව වසා ඉවරයි. එහෙම රටට ලැබුණු කර්මාන්ත ඉවරයි (ඒවාට ජෙප්පන් වගකිව යුතුමයි..) මේ රටේ පාලකයින් හා ඉහළම නිලධාරින් ඔක්කෝමලා නිගන්ඨයින්.. ඔවුන්ට ඕනෑ කොහොමහරි එදාවේල සොයාගෙන කාලබීලා ඉන්න විතරයි. නුදුරේදීම ලංකාව තුන් ඈවරයි කියාවි...!

:       44       34

Lalith M Saturday, 25 June 2022 03:42 PM

1969 පටන්ගත්ත ආයතනය අද වෙනකොට අලුත්විය යුතුව තිබුණා. ඒත් සපුගස්කන්ද තවම පරණ යන්ත්‍ර එක්ක කාල්ගාන පරන ලදරමක්. සැමදාම පාඩුයි. ඒක තමයි මේ ආයතන පෞද්ගලික අංශයට දෙන්න ඕනෑ කියන්නේ...!

:       28       73

සෙනෙවිරත්න Sunday, 26 June 2022 10:07 AM

ජෙප්පන්ද ආණ්ඩුව කළේ? එතකොට එකඑක ඇමැතිලා තමන්ගෙ හැත්ත බුරුත්ත පිරෙව්ව එක පේන්නේ නැත්තේ ඇස් අන්ධ වෙලාද? ජෙප්පන් නැත්නම් දැනටමත් ඕවා නැහැ. ඔය පෞද්ගලික කරපු අයි.ඕ.සී. එක නියමෙට දෙන්නේ වැඩේ...

:       0       3

කිරි පුතා Saturday, 25 June 2022 10:25 AM

කිසිම මගියෙක් නිකම් යන්නේ නෑනේ. අපි අපේ ගුවන් සේවයම තෝර ගන්නේ අපේකම නිසා. පිටරටක ඉන්න රටට සැබෑ ආදරය ඇති හැම කෙනාම ඒක දන්නවා... නමුත් මොනම හරි වැරදි නිසා මේ තරම් පාඩු ලබනවා නම් කරන්න තියෙන්නේ විකුණන එක තමයි. අරගළ කරලා බොහෝම අමාරුවෙන් පත් කරගත්ත අගමැතිතුමාත් විකුනන් කන්න ජගතා නොවැ...! 

:       4       36

sena Saturday, 25 June 2022 10:27 AM

ඕක ගන්න කෙනෙක් ඉන්නවද?

:       5       20

මහසෙන් Saturday, 25 June 2022 10:29 AM

ශ්‍රී ලංකා එයාර් පමණක් නොව විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාවද පුද්ගලීකරණය විය යුතුයි. ජනතාවගේ ආයතන කීවාට ඉහත ආයතනවල නිලධාරි මාෆියාව සහ සේවක මාෆියාව කර තිබෙන දූෂණ, වංචා ගැන ඔය එක වෘත්තීය සමිතියක්වත් කතාකරලා තියෙනවා ද? ඇමැතිවරයා වසර පහෙන් පහට මාරුවෙනවා. නිලධාරී මාෆියාව එකම තැන එන කෙනා අල්ලගෙන අවශ්‍ය දේ කරනවා. ඔය ඉහත ආයතන 3ම ඒවට උදාහරණ තියෙනවා. අඩු වැඩි ලෙස දෙගොල්ලන්ම කරලා තියෙන්නේ එකම දේ. නැත්නම් Ioc ලාභ ලබන්නයි, සිපෙට්කෝ පාඩු ලබන්නයි හේතු මොනවාද? සිපෙට්කෝ... නිකන් තෙල් ගහනවාද?

:       3       73

pathiranaSaturday, 25 June 2022 02:37 PM

කතාව හරි. රටේ දේපළ කියලා බොරුවට ලේබල් එකක් ගහනවා. ඊටපස්සේ නිකන් ඉන්න මිනිස්සු බඩුවලින් පාඩු ගෙවනවා වගේ වැඩකරන අය සහ නිලධාරීන් සාප විඳිනවා.

:       0       36

sisil Saturday, 25 June 2022 11:40 AM

ශ්‍රී ලංකන් විකුණයිද? රටේ පුරවැසියන්ගේ ඒකමතික මතය වනුයේ අපේ බදු මුදලින් පාඩු ලබන ආයතන තවදුරටත් නඩත්තු නොකරන ලෙස නම්, රජය කළයුතු වන්නේ කුමක්ද?

:       1       35

Sam Saturday, 25 June 2022 11:49 AM

ශ්‍රී ලන්කන් ප්ලේන් එකක් දැකලාවත් නැති දුප්පත් මිනිස්සුන්ගේ ටැක්ස් සල්ලිවලින් ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් දෙන්න.

:       0       35

Prabha Saturday, 25 June 2022 12:15 PM

රටට බරක් වෙච්චි ඔය බරබාගේ විකුණන්න බැරිනම් තෑගි දෙන්න.

:       2       33

Mohan Saturday, 25 June 2022 12:31 PM

ශ්‍රී ලංකන් විකුණුවත් පවතින ණය කන්ද බාර ගන්න වෙන්නේ ශ්‍රී ලංකා ජනතාවට. පාඩුව හොරාකාපු අයගෙන් අය කරගත්තොත් හොඳයි.

:       3       35

ganegoda Saturday, 25 June 2022 12:39 PM

බදු දීලා විකුණලා... දැන් ඉතුරුවෙලා තියෙන්නේ නන්දසේනගේ පශ්චාත්භාගය විතරයි..

:       5       25

gampila Saturday, 25 June 2022 12:41 PM

ඇමෙරිකාවෙන් ගෙන්නපු අරුම පුදුම ජනාධිපති...

:       6       28

LUXMAN Saturday, 25 June 2022 01:50 PM

මෙම ආයතනය විකිණීමට කිසිඳු මුදලකට බැරිබව කරුණාවෙන් සලකන්න... මගීන් ගේන්න යන බස් රථ 10ක් පමණක් ගුවන් සේවා සතුව ඇත.

:       2       16

මහීල් Saturday, 25 June 2022 01:56 PM

එයාර් ලංකා විතරක් නෙවෙයි, මේ සමස්ත ලංකාවේම පාඩු ලබන ඔක්කොම විකුණනවා නම් හොඳයි. රාජපක්ෂ පරපුරේ විතරක් නෙවෙයි ඕවාට රිංගාගෙන ඉන්න නිලධාරීන් හැතිකරේ කළේත් හොරකම සදහටම...!

:       0       36

බද්රානි Saturday, 25 June 2022 02:03 PM

ලංකාවේ ගැහැණු ටික මැදපෙරදිගට විකුණලා හම්බකරන් කන රටේ අයට ශ්‍රී ලන්කන් එක මැදපෙරදිගට විකුණන එක මහවැඩක්ද? හොරකම් කරන්නයි, විකුණන්නයි විතරනේ මේකේ මහජාතිය කියන එවුන්ට කරන්න පුළුවන් එකම දේ. එකපාරටම විකුනපල්ලා මුළු රටම එතකොට අපිට වෙනත් රටක ජාතිකත්වයක් ලබාගෙන ලෝකයා ඉදිරියේ නම්බුකාර ලෙස ජීවත් වෙන්න පුළුවන්....

:       4       29

විපරමා Saturday, 25 June 2022 02:09 PM

ශ්‍රී ලංකන් ගුවන් සමාගම බංකොළොත් වෙන තැනට වැඩ කෙරුවේත් දූෂිත පවුල් පාලනේ අයමනේ...!

:       0       22

Kumara Saturday, 25 June 2022 02:35 PM

මේකට මහින්දයයි, විමලයයි වගකිව යුතුමයි..

:       3       21

Rata Perata Saturday, 25 June 2022 03:08 PM

මේවා මේ විදිහට පාඩුකරපු අයට කිසිම දඬුවමක් නැහැ. පාඩුයි කියලා විකුණලා දානවා.. මේවා කරන්න රජයවල් මොකටද? 

:       1       16

Rakshan Saturday, 25 June 2022 03:25 PM

ඒක හොඳයි.. ඒක දැන් තේරුමක් නැති ගුවන් සේවයක් බවට පත්වෙලා.

:       1       11

Dharma Saturday, 25 June 2022 04:11 PM

වෘත්තීය සමිති හදාගෙන අසාධාරණ ඉල්ලීම් ඉල්ල ඉල්ල සාමාන්‍ය මිනිස්සු තලාපෙලා දාපු ජේවීපී කාරයින් නම් පුද්ගලීකරණය කරන්න එපා කියලා දාර්ශනික කථා කියයි. අද අපි ලෝකෙට ඩොලර් බිලියන 52ක් ණයයි. ඒ වගේම ලෝකයේ බංකොලොත් වෙලා ඉන්න රාජ්‍යයන් දෙකෙන් එකක්... රාජ්‍ය හා පුද්ගලික ආර්ථික සහයෝගීතා ව්‍යාප්තියක් මේ වෙලේ එයාර් ලංකා එකට කළයුතුමයි. ඒ විතරක් නෙවෙයි විදුලිබල හා වරාය ක්ෂේත්‍රවලටත් මෙවැනි ව්‍යාප්ති දැන්වත් රැගෙන ආ යුතුයි. නැත්තං ආයෙත් වෙන්නේ ජාතික සම්පත් විකුණනවා විකුණනවා කියලා බොරුවට කෑ ගහලා ලෝකෙන්ම හිඟාකාලා පරම්පරා ගාණකට දුක් විඳින්න...

:       1       19

sugath Saturday, 25 June 2022 04:18 PM

ශ්‍රී ලංකන් ගුවන් සේවය එක එමිරේට්ස් සමග තිබුණු හවුල් ව්‍යාපාරය බිඳ දමා ශ්‍රී ලංකන් එක නැති කරේ මහින්දගේ ආණ්ඩුව. එය දේශපාලකයින් මේ රටට කල විනාශයක එක් උදාහරණයක්. අද මේ සමාගම විකුණුවත්, කිසිම ගැනුම් කරුවෙක් එහි ණය බරත් සමග මිලදී ගන්නේ නැහැ. ඔය නය බර අන්තිමට දරන්ට වෙන්නේ මේ රටේ මහජනතාවටමයි...!

:       0       20

Sunil Saturday, 25 June 2022 06:41 PM

ආයතනය බංකොළොත් කළ අයට ගෝල්ඩන් හෑන්ඩ්ශේක් කුමටද?

:       1       10

Kumara hemantha Saturday, 25 June 2022 08:11 PM

ඕවා නොවික්කොත් අපි හැම මකර කටේ...!

:       1       10

sampath Tuesday, 28 June 2022 04:12 PM

එයාර් ලංකා දුම්ය ඛනිජ තෙල් විදුලිබල සියල්ල පරන යකඩ ඉලට හො විකුනන්න. මෙවා හදන්න බෑ සමිති කරයොයි නිලධාරිනුයි දේශපාලකයනුයි තරගයට මෙව වනසල අවසන් ජනතාවට බර පටවල කට්ටිය සැපට ගරනව හෙට අනිද්දට මෙව විතරක් නෙවි ඇදි වතත් විකුන්නියි වෙන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 0 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1252 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 266 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1321 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1318 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1526 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site