
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරාදාන කුමන්ත්‍රණය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අරඹා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
බලය ලබා ගැනීමට මළ පෙරේතකම ඇතිවී ඇත්තේ කාටදැයි දැන් පැහැදිලි බවද ඔහු සඳහන් කළේය.
අගුපිල්වල ළගින පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර යැවීමට ඉඩ දිය නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා මේ කුමන්ත්‍රණයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් දහස් ගණනින් එක්විය යුතු අවස්ථාව එළැඹ ඇති බවද සඳහන් කළේය.
COMMENTS
පක්ෂ කන්නද? රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක්ව රටේ පාලනයට පත්කළාම ඉවරයි.
චන්ද්‍රිකා නෝනට ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයේ අයිතිවාසිකම් නොමැති බව කියන රිලාස්ශ්රී කියන්නෙ වරින්වර තමන්ගෙ වාසියට එහෙට මෙහෙට පැන්න පුද්ගලයෙක් නිසා ඔහුට ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂය ගැන කතා කරන්න වත් කිකිසිම අයිතියක් නැහැ
ඔබත් UNP එකේ ඉදන් පැනපු කෙනෙක් නේද .එදා SLFP එක පතුරු ගහපු අය නේද
අනේ මේ මැඩම්ට මේ දේශපාලනයෙන් ඉවත්වෙන්න තවම හිත දෙන්නේ නැද්ද? මේ තණ්හාව එච්චර හොඳ නෑ. දැන් වයසත් නිසා ආගමානුකූල ජීවිතයක් ගතකරන එක තමයි වඩාත් සුදුසු... නැත්නම් රටේ මිනිස්සු මැඩම්ගේ තියෙන බලතණ්හාව ගැන මොනවා නොකියයිද? ඔය පක්ෂය, දාලා, බලය, නිලය දාලා හැමෝටම යන්න දවසක් එනවා. එදාට තනියම තමයි යන්නේ... රැස්කරගත් හොඳ හෝ නරක රැගෙන... බලය නිලය තියෙනකොට ඕවා ඔක්කෝම අමතකයි. ඔය තණ්හාව නිමක් නෑ. හරියට ගින්දරට දර දාලා නිවන්න හදනවා වාගේ වැඩක්. දාන්න දාන්න ඕක අඩුවීමක් නෑ...
මැඩම් දැන් කැතවෙලා. අර ලස්සනට තිබුණු කොන්ඩේ කැපුවා ඉන්දිරාගාන්ධි, හෝ මාග්‍රට් තැචර් වාගේ ගාම්භීර චරිතයක් වෙන්න කියලා හිතාගෙනද මන්දා. තමන්ගේ අනන්‍ය තාවය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ...