
(නිමන්ති රණසිංහ)
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන ( පූර්වගාමී ) මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද 27 නියම කළේය.
සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අධිකරණය එය නොගෙවන්නේ නම් මාස හයක 6 ක සිර දඬුවමක් ද නියම කළේය.
විත්තිකාරිය ට එරෙහි නඩු දෙකෙහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම දඬුවම් නියම කළේය.
මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටින අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මිය අද (27) අධිකරණ හමුවේ පෙනී සිටියාය.
මෙම නඩුවේ විත්තියේ සහ පැමිණීල්ලේ සාක්ෂි වසර 07ක් පුරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග විණී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිනිල්ලක් යොමු කර තිබුණේ නො. 233/16, රත්නායක මාවත, දකුණු තලංගම බත්තරමුල්ල පදිංචි චමින්ද පෙරේරා නැමැත්තා විසින් ඉකුත් 2015 වර්ෂයේ ජනවාරි මස 23 වැනිදාය.
වර්ෂ 2010ක් වූ සැප්තැම්බර් මස 13 වන දින සහ 2015 පෙබරවාරි මස 26 අතර කාලය තුළදී අධිකරණ බලසීමාවේ පිහිටි කොළඹදී චූදිත විසින් අංක ඩී 3642817 දරන අවිධිමත් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය නීත්‍යානුකූල බලයක් නොමැතිව තම සන්තකයේ තබා ගැනීමෙන් 1993 අංක 16, 1998 අංක 42 සහ 2006 අංක 31 දරන (සංශෝධීත) පනත් වලින් සංශෝධිත 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45 (1) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කළ බවට රහස් පොලිසිය විසින් චූදිතට එරෙහිව එලෙස නඩු පවරනු ලැබීය.
COMMENTS
නියමයි. රැවුල් මෑන් දැන් මොකද කරන්නෙ.
අවුරුදු ගානක් ඇදපු නඩුව, වීරවංශ අනික් පැත්ත ගැහුව ගමන්ම තීන්දුව දුන්න. මිනිහ බය කරන්න. දැන් ආපහු සහයෝගය දුන්නම නිදොස් කොට නිදහස්.
එහෙනම් රාජපක්ෂලාට.. ජීවිත කාලයටම හිරේට යන්න වෙයි නේද? පුදුම රටක් මේක අප්පා..!
ගරු විනිසුරුතුමනි, ඔබට රටේ ජනතාවගේ ස්තුතිය...!
රටේ උත්තරීතර නීතිය නිසා රටේ විනය රැකෙනවා. නීතිගරුක සමාජයක මූලික හරය නීතිය...!
නියමයි... විමලේ පව්..!
මේ සැරේ තමයි දැකගන්න වාසනාව ලැබුණේ නීතිය යම් තරමකට ඉෂ්ඨ වෙනවා කියලා...
සාමාන්‍ය පුරවැසියෙක් මේ වැරැද්ද කරල තිබ්බ නම්, ලැබෙන දඬුවත් මේකමද කියල අපි දැනගන්න කැමතියි ?
වරදට දඬුවම් ලැබිය යුතුයි. නමුත් රාජපක්ෂලා සරත් ෆොන්සේකාට කරපු දේ, රන්ජන්ට කරපු දේ අද තුන් මුල්ලේ විමලේට කර ඇත...
මෙයාට කරදරයක් කරන්න එපා... මෙයා අහිංසකයි.
දෙන දෙයක් කාලා හිටියා නම් ඔහොම වෙන්නේ නෑ.
හොඳ තීන්දුවක්..!
අද දවල් ප්‍රවෘත්ති අහලා අපේ ආච්චි කිව්වා "මදැයි එක්කෙනෙක් ස්වාධීන වෙන්න ගියා. තව තව සෙල්ලන් ඉදිරියේදී දකින්න බැරිවෙන එකක් නැහැ." කියලා. මේ කතාවේ තේරුම මොකද්ද කියලා මම මේ තවම කල්පනා කරනවා...!
උපන්දිනය වෙනස් කරමින් පාස්පෝට් දෙකක් අරගෙන තියෙනවා. එයින් රටේ ජාතික ධනයට හානියක් වෙලා නැහැ. මේ රටේ ආර්ථිකය විනාශ කරපු මිනිස්සු, අනාගත පරපුරේ මුළු ජීවිතයම විනාශ කරපු මිනිස්සු යහතින් වැජඹෙද්දී මේ වගේ අය හිරේට දාලා වැඩක් නෑ.
ජෙප්පන්ට සතුටු ඇති!. විමල් ආණ්ඩුවට සපෝර්ට් කරා නම් මේ තීන්දුව නොවෙයි ලැබෙන්නේ...
එතකොට වැරදි විදියට දෙකේ අංක විතරක් යොදා ගෙන හැඳුනුම් පතක් එක්ක ගිණුමක් ආරම්භ කරාට දඬුවමක් දෙයිද?
නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් අද හුඟක් දූෂිත දේශපාලුවන්ට ඉන්න වෙන්නේ හිරේ...!
විමල් අවුරුදු දෙකකට නිදහස්...
මේ වගේ හොර වැඩ කරන්න පුළුවන් විදිහට ආයතනවල පරිපාලනය කරන අයත් හිරේට යන්න ඕනේ. අනිවාර්යයෙන් ආගමන පාලක තමයි හිරේට යවන්න ඕනෑ. ඒ මොකද වැඩකරන මිනිස්සු මෝඩයි. තමන්ගේ රාජකාරිය හරියට කළානම් මේ පාස්පෝට් එක හදන්න බෑ. එයා වැරැදිකරු නෙවෙයි.
විමලුත් අවුරුදු 150 කට දාන්න ඕනේ.. හොර පාස්පෝට් හැදුවට..
එතකොට ඉතාලියට හෙරොයින් ඇදපු කෙනාට දඬුවම් නැද්ද?
ලොකු කුඩා කාටත් එක නීතියක් තිබුණොත් රට හැදේවි. අනාගත දරුපරපුරට විනයගරුක රටක් දායාද කරන එක වටිනවා.
විමල් අවුරුදු 2කට නිදහස්...
රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් මේක...!
දැන් මේ ඔක්කොම පොහොට්ටුවට පිටුපාපු නිසා නේද?
සිරිසේන සහ රනිල් හිටියා නම් වීරවංශට ඩීල් එකට දමලා වැඩේ ගොඩ දාගන්න තිබුණා. රාජපක්ෂලාව ගෙනාවා...20 ට අත් ඉස්සුවා. දැන් මුළු රටම අමාරුවේ වැටිලා. නමුත් ඔබට හොඳ දඬුවම තමයි..