
(අංජුල මහික වීරරත්න)
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත් හිටුවන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ මව්පියන් පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.
පසුගිය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් නොව ප්‍රශ්න 8ක් විභාගය පැවැත්වීමට පෙර පිටව ඇති බවත්, එබැවින් එහි පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය නැවත පවත්වන ලෙස ද මව්පියෝ මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගැටලුට සාධාරණ පිළියමක් විද්වත් මණ්ඩලයක් මගින් ලබා දුන්නා . මේ මෝඩ දෙමාපියන් එහෙම නැත්නම් දේශපාලන කල්ලියක සාමාජිකයින් රටේ කාලය , ධනය විතරක් නෙමෙයි අහිංසක දරුවන් වත් විනාශ කරන්න හදනවා.
විද්වතුන්ගේ තීරණය හෑල්ලු නොකිරීමට කටයුතු කරන්න
නැවත විභාගය තිබීමෙන් ලකුණු වැඩියෙන් ගත් දරුවන්ට අසාධාරණයක් වෙනවා. කලයුත්තේ ප්‍රශ්ණ පිටකලවුන් අල්ලාගෙන ප්‍රසිද්ධියේ දඩුවම් කිරීමයි.
විභාගය නැවත තියලා දරුවන්ගේ ජිවිත විනාශ කරන්න එපා , වැරදි කරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්න ජනාධිපතිතුමා
මෙය ඉතා කදිම තීන්දුවක්
පහේ ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට ලොකු බරක්. ජනප්‍රිය පාසල්වලට ඇතුල් කළාට ගම්වල දක්ෂ ළමයින් ඉන්නා බව ප්‍රතිඵළ වලින් පේනවා...!
ඇත්ගොව්වා වගේම සාධාරණ තීරණයක් දෙන්න...
සමහර දෙමව්පියන්ට පිස්සු. මේක උද්ඝෝෂණ කරන්න දෙයක් ද? උද්ඝෝෂණය කරන්න ඕන පිට කරපු එකට දඬුවම් දෙන්න කියලා.
දිවයිනෙහි ප්‍රධාන පාසල්වල ප්‍රාථමික පන්ති ඉවත් කොට ශිෂ්‍යත්ව විභාගයෙන් පමණක් ඒවාට ළමුන් ඇතුළත් කළ යුතුයි...!
අධ්‍යාපන ඇමැති හිටගෙන කරනකොට, ජනාධිපති දුව දුව කරනවා කියන්නේ මේකට තමයි...!
ගොබ්බ දෙමව්පියෝ මහ ලොකු විභාගයක් වගේ ශිෂ්‍යත්වේ...