
(ජමිලා හුසේන්)
එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතු බවත් මෙරට චීන තානාපති චී චෙන්හොන්ග් ප්‍රකාශ කළේය.
චීනය ශ්‍රී ලංකාව පිළිබඳ දරන ස්ථාවරය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැති හමුවකදී චීන තානාපතිවරයා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනෙක් රටවල උදව් අවශ්‍ය බවට ඇතැම් පාර්ශ්ව ශ්‍රී ලංකා බලධාරීන්ට ඒත්තු ගන්වා ඇති බවත් එය නිවැරදි නොවන බවත් තානාපති චෙන්හොන්ග් මහතා එහිදී පැවැසුවේය.
ශ්‍රී ලාංකිකයන් තමන් පිළිබඳ ආත්ම විශ්වාසයක් ගොඩ නගාගත යුතු බවත් චීනය වැනි මිත්‍ර හවුල්කරුවන් සමග සබඳතා දැඩි කර ගැනීමට අවධානය යොමුකළ යුතු බවත් චීන තානාපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව පිළිබඳ චීනයට පුද්ගලික න්‍යාය පත්‍රයක් නොමැති බවත් ශ්‍රී ලංකාවට ස්වාධීන රාජ්‍යයක් වීමටත් විදෙස් රාජ්‍යයන්ගෙන් එල්ල වන පීඩනයට ඔරොත්තු වීමටත් සිය සහාය ප්‍රයෝජනවත් වනු ඇතැයි චීනය දැඩිව විශ්වාස කරන බවත් චෙන්හොන්ග් මහතා පැවැසුවේය.
නව රජයක් පත්කර ගැනීමත් සමග ශ්‍රී ලංකාව නව පරිච්ඡේදයක් ආරම්භ කළ බවත් ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ චීනයට දැඩි විශ්වාසයක් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
චීන පර්යේෂණ නෞකාවලට මෙරට මුහුදු තීරයට අවතීරණ වීමට අවසර ලබාදෙන ලෙස චීනය කළ ඉල්ලීම පසුගිය රජය ප්‍රතික්ෂේප කිරීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතාවය පළුදු වූ බවද චීන තානාපතිවරයා පැවැසුවේය.
චීනය සහ ශ්‍රී ලංකාව අතර දැඩි සබඳතාවයක් තිබියදී පසුගිය රජය එවැනි ස්ථාවරයක් ගැනීම කළකිරීමට හේතුවක් වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ ඉල්ලීමට මාලදිවයින රජය අවසරය ලබාදුන් බවද චීන තානාපතිවරයා පැවැසුවේය.
ශ්‍රී ලංකාවට කිසිදු ලාභයක් නොමැති නමුත් විශාල මුදලක් වැයවූ ව්‍යාපෘති සඳහා චීනය මුදල් යොදවා ඇතැයි ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කළත් චීනය එම ව්‍යපෘතිවලට මුදල් යෙදවූයේ පසුගිය රජයන්ගේ ඉල්ලීම මත පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය රජයන්ගේ ඉල්ලීම් පරිදි චීනය එම විශාල මුදලක් වැයවූ ව්‍යපෘතිවලට චීනය මුදල් යොදවන විට එම ව්‍යාපෘතිවලින් ලාභ ලබා ගැනීමට ඉල්ලීම් කළ රජයන් දැනගත යුතු බවද චෙන්හොන්ග් මහතා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල සමයේ සිට පැලවත්ත කාර්යාලයට නිතර යනෙන ජුලී නෝනා දැන් මෙරට නිල නොවන ලොක්කීය. ඉන්දියාව ද මෙරටට තම හයිය පෙන්වයි. එන්පීපීය යනු රූකඩ පරිපාලනයකි. චීනය කවදත් අපේ හිතවතෙකි. යහපාලකයින් සේම පුනරුද යුගකාරයින් ද චීනයට කෙණහිලිකම් කරන්නෝය..
අනිත් රටවල මිනිස්සුන්ට තේරෙන ටික, ලංකාවේ හිටපු පාලකයින්ට නොතේරුණු එක තමයි කරුමේ... හිටපු පාලකයින්ට තේරුණු එකම දේ, රටට එක හොඳ දෙයක් කරනකොට, ඔවුන්ට සියයක් කරගන්න එක විතරයි. දැන්වත් රටත්, ජනතාවත් ටික-ටික ඔළුව උස්ස ගත්තොත් ලොකු දෙයක්...
ඔලුව අතගාල ටොක්ක අනින්න හදන්නේ...
චීනය දැන් හොඳයි නේද? චීන පර්යේෂණ නවතලාත් දැන් ලංකා මුහුදට එන්න පුළුවන් වේවි. එතකොට ඉන්දියාව කකුල්දෙක අස්සේ ඔලුව හංගගෙන හැංගේවි නේද?
චීනා හදන්නේ අපේ රටේ නායකයින් ගොනාට අන්දවලා ආර්ථික වර්ධනය වෙනුවෙන් බටහිර රටවල්, IMF, ලෝක බැකුව, ආසියානු සංවර්ධන බැකුව වැනි ආයතන වලින් ගතහැකි උදව් නැති කරලා රට ආර්ථික වශයෙන් විනාශ කරලා චීනාගේ ගිනි පොළි උගුලට රට හිර කරගන්න රාජපක්ෂ වරුන්ගේ කාලයේ කළා වගේ. දියුණු වෙන්න උත්සාහ කරන සෑම රටකටම චීනා දෙන ලණුවක් ඕක...
එතකොට තායිවානෙ?
කොටි ඩයස්‌පෝරාවට නම් හිස නවලා කකුල් ලෙවකාලත් ඉවරයි...
එතකොට ශ්‍රී ලංකාව කොන්ඩේ කපන්න ගියාමත් ඕනෑ නැද්ද?
ඔයා කියනකම් අපි දැනගෙන හිටියේ නැහැනේ...
ඔබතුමා මොනවා කීවත් අද අප රට බංකොළොත් වීමට ඵලක් නැති චීන ආයෝජන බව අප අත්විඳිමින් සිටින්නෙමු. එක් උදාහරණයකට මත්තල ගුවන්තොටුපල.. වසරක අලාභය බිලියන තුනයි...!
චීනත් බයවෙලා ඉන්නේ. තවදුරටත් ඔවුන්ගේ ණය උගුලට ලංකාව අහුවෙන්නේ නැතිවෙයි කියලා. චීන නැව් එන්නේ නිකන් නෙවෙයි. ඔවුන් ඉන්නේම ඉන්දියාවේ තොරතුරු ටික ගන්න. චීන පරීක්ෂණ ලංකාවට ආවොත් ඒක අනිවාර්යයෙන්ම ඉන්දියාව සමග තියෙන හොඳ හිත පලුදු වෙන්න බලපානවා නිසැකයි.