
(යොහාන් භාසුර)
ශත 25 ක බද්ද මත ආනයනය කළ සියලුම සීනි තොග රජයට පවරාගෙන මාසයක කාලයක් තුළ රුපියල් 275 ක පාලන මිලට අළෙවි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (20) පස්වරුවේ පැවසීය.
එම සීනි ලංකා සතොස, සුපිරි වෙළෙදසැල් සහ තෝරාගත් සමූපකාර හරහා අළෙවි කරන බවත් සීනි හිඟය නැති කිරීම සහ ජනතාවට අවශ්‍ය සීනි ප්‍රමාණය වෙළෙඳපොලට යොමු කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවත් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කීය.
එම සීනි තොග අද සිට ආනයකරුවන්ගෙන් සහ තොග වෙළෙදුන්ගෙන් ගන්නා බවත් ශත 25 ක බද්ද මත ආනයනය කළ සීනි තොග ප්‍රමාණය පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය මේ වන විට ගණනය කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එම වැඩපිළිවෙළත් සමඟ පාලන මිල අවශ්‍ය නොවන බව කී අමාත්‍යවරයා රුපියල් 50 ක බද්දට ඉදිරියේදී ආනයනය කරන සීනි නව මිලට අළෙවි කළ හැකි බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතනත් ගේමක් යන්නේ ශත 25 ට ආනයනය කල සීනී මොකටද රජයට පවරා ගන්නේ, එවායිනුත් ඉතිරි රුපියල් 49.75 අයකරගෙන අලුත් මිලට සීනි විකුණන්න අවසර දුන්නා නම් හරිනේ, එහෙම නැතුව මේක රජයට ගත්තට පස්සෙ වැඩි වටිනාමක් හො වැඩි බරක් තක්සේරු කරලා එකෙනුත් ගානක් ගසාකන්න තමයි මේ හදන්නේ.
මෙහෙමත් නරිටාටක. බන්දුල ඇමති කාලෙ සුදු ලූනූ ගෙනාවා වගේ තමයි.
කරනවා නම් මෙය තමයි සිදුවිය යුත්තේ. එවිට රජය ගජමිතුරන්ට සැලකුවා කියන ජෙප්පන්ගේ චෝදනාවෙන් නිදහස්. දෙවනුව සීනි තොග පවරාගෙන ඒ ගේන්වූ මුදලට සුපිරි වෙළඳ සැල්, සතොසේට නිකුත් කලොත් ජනතාවට ඒ සීනි තොග අවසන් වෙනතුරු අඩු මිලට සීනි ලබා ගන්න පුළුවන් වේවි. පිටකොටුවේ දෙමල්ල වෙළෙන්දන්ට සීනි නිකුත් කරන්න එපා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට හිතවත් ව්‍යාපාරිකයින්ට බදු සහන දී රාජ්‍ය ආදායම අහිමි කර ගත්තු නිසා තමයි, රජයට අහිමිවූ ඒ බදු ආදායම, භාණ්ඩ වල මිල වැඩිවීම මගින් මේ රටේ ජනතාවට ගෙවන්න සිදුවී තිබෙන්නේ... ටයිල් ව්‍යාපාරයත් ඔහුට හිතවත් කූට ව්‍යාපාරිකයෙක් අතට පත් කරමින් මේ රටේ දුප්පත් මනුස්සයෙකුට වැසිකිලි පෝච්චියක් ගන්න බැරිවෙන තත්වෙට මිල වැඩි කළා... මේ රටේ ගොවිතැන පමණක් නොවෙයි ලංකාවේ සහල් ව්‍යාපාරයත් විනාශ කරන්න ඔහු කටයුතු කළා. නමුත් ඩඩ්ලි සිරිසේන වැනි දක්ෂ ව්‍යාපාරිකයෙක් සිටි නිසා ඒ ව්‍යාපාරය ආරක්ෂා උනා...ගෑස් ටික හා පෙට්‍රල් ඩීසල් ටිකක් ගන්න පෝලිම් වල සිටි යුගය දැන් බොහෝ අයට අමතකයි...මම නම් කියන්නේ මුල අමතක වෙන මේ රටේ අසමත්ජාතීන්ට එවැනි පාලකයෙක් තමයි ගැලපෙන්නේ... කන්න නැතත් ඉන්න රටක් හොයලා ලක්ෂ හට නවයක්ම චන්දෙ දුන්නු මෝඩයෝ ඉන්න රටක්නේ මේ...ලජ්ජා නැතිව තවත් ඒ අයට ආවඩන එකනේ පුදුමේ....තක්කඩි පුජකයින්ගෙයි පාලකයින්ගෙයි බඩවල් පුරෝලා උඹලා බඩගින්නෙම හිටපල්ලා..
තවත් සීනි වංචාවකට දෙපාරක්ම අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් ගෙවන්න හදන්නේ