(ලසන්ත නිරෝෂණ පෙරේරා)

කහවත්ත වේ ගග විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සදහා ජලය මුදාහරින උමගක බිත්තියක් පුපුරා ජලය කාන්දුවිමට පටන් ගෙන ඇතැයි ගම්වාසීහු පවසති.

එම ජල කාන්දුව සිදු වෙන ස්ථානයට පහළ පවුල් පහක පිරිසක් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි එම ගම්වාසීන් බලධාරීන්ට දැනුම් දි තිබේ .

වේ ගග ජල විදුලි බලාගාරය පුද්ගලික ආයතනයක් සතුය. ගම්වාසීන් එම බලාගාරයේ නිලධාරීන්ට ද මේ ගැන දැනුම් දි මේ දිනවල ජලය මුදාහැරිම සීමා කරන ලෙසද ඉල්ලම් කර තිබේ.

බන්ට් එකේ දෙපැත්තේම බිත්ති පුපුරලා. එක් පැත්තක බිත්තියකින් ජලය කාන්දු වෙනවා. වර්ෂාපතනය වැඩි වෙන විට බලාගාරයට වේ ගගේ ජලය මුදාහරින විට ජලය මුදාහරින වේගය වැඩිවිමෙන් හානියක් විය හැකි බව ද ගම්වාසීහු කියති .

වේ ගග විදුලි බලාගාරයේ නිළධාරියෙක් පැවසුවේ ගම්වාසීන් කිහිප දෙනකු කළ දැනුම් දිම ගැන පාලනධිකාරිය දැනුවත් කර ඇති බවයි.