
(යොහාන් භාසුර)
වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ඉදිරියේදී ප්‍රකාශ කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (20) පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යංශ්‍යයට යටතේ ඇති ආයතන පහක් සම්බන්ධ වී නිෂ්පාදන වියදම සකස් කරන බව කී නාමල් කරුණාරත්න මහතා එම නිෂ්පාදන පිරිවැයට පොහොර සහනාධාරය ඇතුළත් නොවන බව ද සඳහන් කළේය.
ගොවීන්ට ශුද්ධ ලාභයක් ලැබෙන සේ අවම මිලට රජය වී මිලදී ගන්නා බවත් අදාල ප්‍රමිතියට වී සපයන ගෙවීන්ට අමතර රුපියල් දෙක බැගින් ද දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රජය මිලදී ගන්නා වී අළෙවි නොකරන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම වී සහල් කර සාධාරණ මිලට ජනතාවට අළෙවි කරන බවත්ය.
COMMENTS
කිරිගහට ඇන්න වගේ කියන්නම් මෙවදෙන් කවදාවත් සහල් මිල පාලනය වෙන්නේ නැහැ . එහෙම වෙන්න නම් සියලුම වී රජයෙන් මිලටගෙන රජයෙන්ම සහල් බවට පත්කර විකිණීම කලයුතුයි . පවතින මිලට වඩා වැඩි මිලක් වී වලට රජයෙන් ගෙවල වෙළඳපොලේ මිලට වඩා අඩුමුදලට රජයෙන් සහල් විකිණීම යනු මහජන බදුමුදල් දේ ආකාරයකට ඵලදායි නොවන ලෙස යෙදවීම නොවෙයිද ? ඉස්සර වී අලෙවි මණ්ඩලයේ ස්ටෝකිපර්ගේ ඉඳලම හිටගෙන මාටියා ගැහැව්වා . එම ආයතන විනාශ වෙන්න ප්‍රධාන හේතුව එකයි. රජයෙන් කරන වෙළඳාම් හැමදාම් පාඩුයි . මේවා අනවශ්‍ය වැඩ . අනිත් හැමදෙයකම වගේම වී නිෂ්පාදන මිලත් වැඩි වෙලා . වී ගොවියාට එනිසා ගැලපෙන මිලක් ලැබිය යුතුයි . සහල් නිෂ්පාදකයාටත් එහෙම තමයි .
රජයේ සහල් නිශ්පාදන මෝල්වල නඩත්තු කටයුතු , පරිපාලනය, සේවක හා හදිසි අාපදා අවස්ථා වයදම් දරන්නෙ පොලීසියෙන් ද... වෙනස් වන නිශ්පාදනයට හා දෙෙනික ජීවන වියදමට සාපේක්ෂව ගොවියා සහ පාරිභෝගිකයා දෙපාර්ශවයටම ගැලපෙන පාවෙන මිලක් පවත්වාගෙන යාමට ක්‍රමය හදුන්වාදීමට මහාචාර්ය නඩය අසමත් ද...
වී ගොවිතැනට විතරක්ම දෙන පොහොර සහනාධාරය සෑම භෝගයකටම පොදු ලෙස පොහොර මිලට අදාල කරන්න. බත් විතරක්ම කාල ජීවත්වෙන්නේ.එලවලු පලතුරු පොල් එපාද?
අවසානේ මේ බර කරගහන්න වෙන්නේ පාරිභෝගික අපිට , ඔය සහතික මිලවල් වලින් වැඩක් නැහැ , කැමති කෙනෙකුට රටින් සහල් ගෙන්වන්න ඉඩ දෙන්න එකට කිලෝ එකට රුපියල් 10-20 පමණ සාධාරණ බද්දක් ගහන්න , වෙළද පල අනුව මිල තීරණය වෙන්න ඉඩ දෙන්න , එහෙම කලොත් සහල් මිල 150 ට අඩුවේවි, පහුගිය මාස 4 රජය එක තීරණයකට එන්නේ නැතුව එක එක පිස්සු නටපු නිසා දැන් වෙළදපලේ සහල් නැහැ , තිබෙන ඒවගේ මිල වැඩි , දුප්පත් මිනිහට කන්න නැති වුනොත් ඒවා ඉදිරි චන්ද වලට බලපාන බව රජය හිතට ගන්න
ඒක හොඳ දෙයක් නොවෙයි . මහ මෝල් කාරයො කියාවි ගත්තේ නැතත් 160ට ගත්තා කියලා. හාල් 300 යනවා ෂුවර් .