
(සුජිත් හේවාජුලිගේ)
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
මෙම නව මිල හඳුන්වා දෙන්නේ වී කිලෝවක නිෂ්පාදන වියදමට සියයට තිහක් එකතු කිරීමෙන් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවීන් වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ ඉදිරිපත් කෙරුණු සටන් පාඨය මෙමගින් යථාර්ථයක් බවට පත්කෙරෙන බවද ප්‍රකාශ කළේය.
එසේම රජය වී මිලදී ගැනීමටද කටයුතු කරගෙන යන බවත් ඒ සඳහා රුපියල් කෝටි 500ක් දැනටමත් වෙන්කර ඇති බවත් කරුණාරත්න මහතා පැවසීය.
වී මිලදී ගැනීම සඳහා සමස්ත ගබඩා වලින් සියයට 75 ක් සූදානම් කරගෙන යන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා එම වී වලින් කොටසක් සහල් බවට පත්කර ජනතාව අතරට බෙදා හැරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
දැනට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 85ත් 110ත් අතර මිලකටය.
දැනට වී ගන්නා මිල ගණන් සම්බන්ධයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීහු සහ ගොවි සංවිධාන කාලයක සිට මැසිවිලි නගති.
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1753
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වී මිල ගැන නිල ප්‍රකාශයක්
de silva Wednesday, 05 February 2025 10:34 AM
වී මිල තීරණය කරලා ඉවරනම් වහාම ගැසට් එකක් ගහල ඒක වහාම ප්‍රසිද්ධ කරන්නේ නැතිව මොන මගුලක් කරනවද ?
de silva Wednesday, 05 February 2025 10:52 AM
විකාර දොඩවනවා කන හල කිලෝ එකටත් තිබෙන බදු වලට අමතරව රුපියල් 65 විශේෂ බද්දක් ගහල ,හාල් පොල් ටික සාධාරණ සාධාරණ මිලකට දෙන්න බැහැ , පාස්පෝර්ට් ගන්න පොරොත්තු ලේකනේ මාස 6 පමණ ඉන්න ඕනේ , කර්මාන්ත කරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය වලටත් විශාල බදු ගහල , කර්මාන්ත අවුල් වෙලා , දෙස් විදෙස් ආයෝජකයෝ ආයෝජනය කරන්නේ නැහැ , අඩුම තරමේ මනුස්සයෙකුට ඉන්න ගෙයක්වත් හදාගන්න බැහැ , නාගරික සංවර්ධන අධිකාරිය , වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව , පරිසර දෙපාර්තමේන්තු ඇතුළු විවිධ දෙපර්තුමෙන්තුවලින් අවසර ගන්න වෙලා , රජයේ නිලධාරියෝ වැඩ අමාරු වෙන්න අල්ලස් ගැනීමේ බලාපොරොත්තුවෙන් හදාගනු ලැබූ බහුභූත නීති ගොඩකි , මේවා වෙනස් කරන්න කිසිම සැලස්මක් නැතුව කිසිම පියවරක් ගන්නේ නැතිව පොහොසත් කතා කරන එක විහිළුවකි ,
sena Wednesday, 05 February 2025 10:58 AM
වී මිලදී ගන්න සල්ලි වෙන් කරලා වැඩක් නැහැ වී මිලදී ගන්න යාන්ත්‍රණයක් සකස් නොකර.
Gayan Wednesday, 05 February 2025 11:06 AM
ඕකට කියන්නේ පවතින තත්ත්වය වෙනස් කිරිමට දක්වන අකමැත්ත කියලා
ගුණරත්න Wednesday, 05 February 2025 03:29 PM
ඇමැත්තෝ කලින් කිව්වනේ 154ක් ඕනෑ කියලා, එතකොට තිබ්බේ ඔවුන්ගේ ආණ්ඩුවක් නිසා කෙලවලා දාන්න. එහෙම කිව්වාට දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක් නිසා ගෙවන්න අඩු ගාණක්... එහෙම නේ...!