IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


වී ගෝනි 10 ක් සොරාගත් අයියා මලෝ පොලිස් දැලේ

(ආනන්ද ඉ ජයකොඩි)

මහ රෑ නිවසකට පැන රුපියල් හතළිස් දහසක් වටිනා වී ගෝනි 10 ක් සොරා ගෙන ගොස් සැගවී සිටි බව කියන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාර දීමෙන් අනතුරුව වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව නුන්ගමුව පොලීසිය පවසයි.

උතුවන්බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු  ඊයේ ( 03)  පස්වරුවේ අල්ලා පොලීසියට භාර දීමෙන් අනතුරුව ඔවුන් පරීක්ෂා කිරීමේදී දෙදෙනාටම තුවාල සිදු වී තිබීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ එසේ රෝහල් ගත කළ බවද පොලීසිය කීය 

උතුවන්බෝගහවත්ත ප්‍රදේශයේම නිවසකට  පසුගිය අප්‍රේල් මස 26 වනදා රාත්‍රී ඇතුල් වී එහි තිබූ රුපියල් හතළිස් දහසක් වටිනා වී ගෝනි දහයක් සොරා ගෙන යාම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමේදී සැකකාර සහෝදරයින් දෙදෙනා පැන ගොස් සිටි බවද පොලීසිය කියා සිටියේය.

මොවුන් දෙදෙනා ගෙන් ප්‍රශ්න කිරීමේදී සොරා ගෙන ගිය වී තොගය සහල් බවට පත් කොට රුපියල් තිස් දෙදහස් පන්සීයක මුදලකට විකුණා ඇති බවත් එම මුදල් පොලීසිය භාරයට ගත් බවද පොලීසිය කියා සිටියේය.

මේ පිළිබඳව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවද පොලීසිය කීය.

නුන්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමරසිංහ හා එහි උප පොලිස් පරීක්ෂක සුමිත් ජනරංජන යන මහත්වරු ප්‍රමූඛ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

 

 

 



අදහස් (2)

වී ගෝනි 10 ක් සොරාගත් අයියා මලෝ පොලිස් දැලේ

කසුන් Wednesday, 04 May 2022 12:23 PM

සියළුම ආගමික ස්ථානවල බැංකු ගිණුම් සහ එම ස්ථාන භාරකාරත්වය ඇති පූජ්‍ය, පූජක පාර්ශවයන්ගේ බැංකු ගිණුම් ගැන විමර්ශනය කරන්න. ඩොලර් හිඟයට යම් විසඳුමක් ලැබේ.

:       1       2

Pradeep KumaraSaturday, 07 May 2022 10:00 AM

ඒ කියන්නේ ආගමික ස්ථානවල ඩොලර් තියනවා කියලද..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 876 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site