( තිළිණි ද සිල්වා )
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අංගනයක වී ගබඩා කිරීම හේතුවෙන් එහි දේපළවලට හානි සිදුවීමේ සිද්ධියට අදාළ තක්සේරු වාර්තාව ලබන සතියේදී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබීමට නියමිත බව එම කොමිසමේ ප‍්‍රකාශකයෙක් අද ( 13) ලංකාදීපයට පැවසීය.
එම ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් එයට සිදුව ඇති පාඩුව කොපමණදැයි ගණනය කිරීමට රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් හා කොමිෂන් සභාවේ පොලිස් නිලධාරීන් යුත් කණ්ඩයමක් පසුගිය 08 වැනිදා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට මත්තල ගුවන් තොටුපළේ නිරීක්ෂණයක නිරත වූ අතර, ඊට අදාළව සකස් කළ වාර්තාවක් සති දෙකක් ඇතුළත කොමිසමට බාර දෙන බවට ප‍්‍රකාශ කළ බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කීය.
ඒ අනුව එම වාර්තාව ලබන සතියේ කොමිසමේ සභාපතිවරයා වෙත ලැබෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.
මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම සමබන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එම කොමිසම මීට පෙර තීරණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් තිබිණි.
එම ගුවන්තොටුපළේ ඇතැම් ස්ථාන වලට හානි සිදුව ඇති ව එම පොලිස් නිලධාරීන් තොරතුරු ලබා ගෙන තිබූ අතර ඒ අනුව එම ගුවන්තොටුපළට සිදුවූ හානිය ගණනය කිරීම කොමිසම තීරණ කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වී ගබඩා කිරීමෙන් මත්තලට වූ හානියේ තක්සේරු වාර්තාව ලබන සතියේ ජනපතිට