IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


වීසා ගිවිසුමේ කිසි වෙනසක් නෑ

වීසා නිකුත් කිරීමට අදාළව ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස්, අයි.වී.එස් ග්ලෝබල් සහ වී.එෆ්. එස් වර්ල්ඩ් වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම් සමග රජය අත්සන් කළ ගිවිසුම ඉදිරියට ගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

වීසා නිකුත් කිරීමේදී පද්ධතියේ ඇතිවූ ප්‍රමාදය සහ ගැටලු තාක්ෂණික දෝෂ නිසා ඇති වූවක් බවත් එම තාක්ෂණික දෝෂ නිරාකරණය කිරීමෙන් පසුව ලබන සතියේදී නැවතත් පද්ධතිය බලාත්මක කරන බවත් වියානි ගුණතිලක මහතා පැවැසුවේය.

එහෙත් ඒ සඳහා දිනයක් ලබාදීම වියානි ගුණතිලක මහතා ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවේ ආගමන කටයුතු හසුරුවන ඉන්දියානු කාර්ය මණ්ඩලය තම විදේශීය බිරිඳට වීසා බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බවට චෝදනා කරන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි මගියකුගේ වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය තුළ පළ වීමත් සමග පසුගියදා ආන්දෝලනාත්මක තත්වයක් හට ගත්තේය.

 



අදහස් (11)

වීසා ගිවිසුමේ කිසි වෙනසක් නෑ

ජයනාත් Sunday, 05 May 2024 08:10 PM

මෙතන වංචාවක්, දූෂණයක් සිදුවිය හැකියි කියලා ප්‍රබලව සැකයක් එනවා දැන් නම්... බෙහෙත් වලටත් කැබිනට් අනුමැතිය ගත්තා කියලානේ කිව්වේ. අන්තිමට මොකද වුනේ... සංචාරකයින්ට ලංකාව එපා කරවන තැතක්...

:       1       18

රංජිත් Sunday, 05 May 2024 08:54 PM

ලංකාවේ ඉතුරු ටිකත් විනාශ කරපල්ලා...

:       1       12

නන්දන වික්‍රමගේ Sunday, 05 May 2024 08:59 PM

ඔව් ඔව් වෙනස් කරන්න එපා. කොහොමද වෙනස් කරන්නේ ජරාව කාපු ඒවා දිරවන්නත් කලින් නේද මහත්තයෝ.. ඔයාලා වගේ නිලධාරීන්ට විතරක් නෙමෙයි ඔහේලාගේ දරුවන්ටත් මැරුණු දෙමාපියන්ටත් හෙණහත ගහනවා, මේ කරන තක්කඩි වැඩවලට...

:       0       23

පරාක්‍රම Sunday, 05 May 2024 09:11 PM

මොවුන් කවදාවත් හැදෙන අය නොවෙයි. කොච්චර හොරකම් අපි ඇල්ලුවත් මොවුන් හොරාකන එක නවත්වන්නේ නෑ. මේ ක්‍රමය වෙනස් කරන්න අලුත්ම ආණ්ඩුවක් ඕනේ. හාල් කිලෝ 10ක් නොරැවටී මේ ක්‍රමේ වෙනස් කරන්න පෙළ ගැසෙමු. ඊළඟ ජනාධිපතිවරණයේදී රටට වගකියන නායකයකු පත් කර ගනිමු...!

:       0       21

Chinthaka Monday, 06 May 2024 07:30 AM

දකුණු අප්‍රිකාවෙන් ගහලා පන්නපු කොම්පැනියක් මේ. රටේ ජනාධිපති ගෝටාභයව පන්නපු අපේ රටේ මිනිස්සුන්ට මේ හොර ඉන්දියන් කාරයින්ව පන්නන්න යන්නේ පැයයි නැත්නම් දෙකයි.. කට්ටියටම වටකරලා නෙලපුවම ..නිකම්ම මාරුවෙයි. ඔය පණ්ඩිත කතාකරන අපේ රටේ අමන සක්කිලි නිලධාරීන් ගැනත් අපි ඊගාවට බලාගන්නවා.

:       0       21

Ashoka Monday, 06 May 2024 07:53 AM

කිසිම හේතුවක් නැතිව එක වීසා අයැදුම්පතකින් ඩොලර් 25 වැනි ප්‍රමාණයක් මෙම ආයතනයට යනවා කියන්නේ ජාතික අපරාධයක්, මෙච්චර රටේ ඩොලර් හිඟයක් තියන වෙලාවේ මෙහෙම කරන්නේ මොකද කියලා අපිට නම් හරි ප්‍රශ්නයක්, උසාවියක් වත් නැත්ද මේකට මැදිහත් වෙන්න..

:       0       27

janahitha Monday, 06 May 2024 08:57 AM

ජනතාව නුඹලාව වෙනස් කරනවා නුදුරේදී හොරුන්ට කඩේ යන නිලධාරීන්...

:       0       23

Don perea Monday, 06 May 2024 09:47 AM

මේවායේ අමන පාලකයින් ඉන්නකන් රටත් ඉවරයි...

:       0       24

අරවින්ද මොනරවිල Monday, 06 May 2024 11:36 AM

ඒක අවලංගු කරලා කොහොමද ගත්තු කොමිස් කුට්ටිය... ආපහු දෙන්න වෙනවානේ අපේ හාමුදුරුවනේ...!

:       0       23

Banda Monday, 06 May 2024 02:07 PM

අපගේ ආගමන විගමන නිලධාරීන් ලස්සනට කරපු මේ වැඩ මේ අමන පාලකයින් විනාශ කරන්නේ. මේවා ජාතික අපරාධ. නූගත් පාලකයින් රටට සාපයක්...

:       0       16

mangala Monday, 06 May 2024 02:39 PM

තොපිට හෙනහතම ගහනවා මේ කරන සක්කිලිවැඩ වලට. මේ ලෝකේ කිසිම රටම නෑ යකෝ VFS Global එකක් ඒ රටේ එයාපෝට් එකේ කවුන්ටර් දාගෙන වීසා දෙන.

:       0       12

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 948 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 1028 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 216 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 1043 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2827 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 422 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 789 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2339 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2007 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site