(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන  දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු  ගඟට පැන  දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .

මෙම දැරිය කලවාන දුනුමාගලවත්ත ප්‍රදේශයේ පදිංචි දැරියක බවත් සිය නිවසින් අමනාපයක් නිසා ඇය මෙලෙස කුකුළේ ගංඟාවට පැන දිවි අහිමි කර ගැනීමට උත්සහා කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .

කලවාන මතුගම ප්‍රධාන මාර්ගයේ පිහිටි කුකුළේ ගග පාලම මතින් ගඟට පනින අයුරු දුටු තරුණයා තම දිවිය ගැන ද නොතකා ගඟට පැන දැරිය බේරාගෙන ඇත.

මේ දිනවල පවතින වර්ෂාපතනය නි කුකුළේ ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.  දැරිය ප්‍රශ්න කිරීම සදහා කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .