
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගායාන් සූරියආරච්චි)
වාහාම ක්‍රියාත්මක වන පරිදි රාගම කැන්දලියද්දපාළුව උතුරු, කැන්දලියද්දපාළුව බටහිර සහ දඹුව යන ග්‍රාමසේවා වසම්වලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතය පනවා ඇතැයි පොලිසිය දැනුම් දෙයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයත් සමග රැඳවියන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් බන්ධනාගාරය අවට කලබල කිරීම නිසා එම තත්වය පාලනය සඳහා මෙම පියවර ගත් බව පොලිසිය කියයි.
මහර බන්ධනාගාරයේ අද සවස ඇතිවූ මෙම කලබලකාරී තත්වයට මැදි වූ එක් රැඳවියකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙසේ ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිනට් මාධ්‍ය හමුවටත් වේරිමරගාතේ ආව අධිකරණ ඇමැති කරටි කැඩෙන්න ගහලා බුදිද? නැත්නම් තවම Social Media Flatform වලට ගිහින් නැතුව ඇති ගිහින් නම් ප්‍රකාශයක් කරනවනේ...