
(අමිල සම්පත් ශ්‍රී, රංජිත් එස්. ඩයමන් සහ එම්.කේ.නන්දසේන)
මිතුරන් සමග මත්පැන් පානය කරමින් සිටියදී පුද්ගලයා අතුරුදන් වූ අවිවාහයකයාගේ සිරුරු අද තිස්සමහාරාම වීරවිල වැවේ පාවෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
වයස අවුරුදු 45ක් වන රංග සුරාජ් නමැති තම බාල සහෝදරයා අතුරුදහන් වී ඇතැයි කියමින් ඔහුගේ වැඩිමහල් සොහොයුරු පසුගිය 12 වැනිදා උදෑසන පැමිණිල්ලක් සිදුකර ඇතැයි වීරවිල පොලිසිය කියයි.
මිතුරන් 6 දෙනෙකු සමග මත් පැන් පානය කරමින් සිටි ඔහු පසුදා වනතුරුම නිවෙසට නොපැමිණීම සම්බන්ධයෙන් වීරවිල වැව ප්‍රදේශයේ සෝදිසි කරද්දී ඔහුගේ යතුරුපැදිය සහ පාවහන් යුගල පමණක් ඇති බව දැක මියගිය අයගේ සහෝදරයා ඒ පිළිබඳ පැමිණිල්ලක් සිදුකළ බව පොලිසිය කියයි.
නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් ඊයේ (13) වැනිදා වීරවිල වැව් බැම්ම ආසන්නයේ පරීක්ෂා කළ ද කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබුණ අතර අද (14) වැනිදා අලුයම හතරට පමණ වැවේ පිටවානට ආසන්නයේම ඔහුගේ මළ සිරුර තිබූ බව ගම්වාසීන් දැක පොලිසියට දැනුම් දී ඇත.
මෙම පුද්ගලයාගේ මරණය සැක සහිත බව ඥාතීන් පැවසීම නිසා වීරවිල පොලීසිය පරීක්ෂණ ආරම්භ කළේය. ඒ අනුව ඔහුගේ නිවසේ ඉදිරිපිට ගොඩනැගිල්ලට සවිකර ඇති ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී වෑන් රථයකින් දොළෙස් වැනිදා සවස හතරට පමණ මිතුරන් පැමිණ ඔහු නිවෙසින් රැගෙන ගොස් ඇති දර්ශන සහ එදින රාත්‍රී 8.20 ට පමණ එම කණ්‍ඩායම මරණකරු නොමැතිව ඔහුගේ නිවෙසට පැමිණෙන ආකාරයද සටහන්ව තිබූ බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.
පිරිස අතර සිටි පුද්ගලයකු අත රෙදි බෑගයක් තිබූ බවත් රථයෙන් බැස ඒ පරීක්ෂා කරන ආකාරය කැමරාවේ සටහන්ව තිබූ නිසා පොලිසිය ඒ සම්බන්ධව කළ පරීක්ෂණයේදී මියගිය පුද්ගලයාගේ සරම සහ කමිසය එම බෑගයේ දමා ගෙනැවිත් ඇති බවට හෙළිවූ බව පොලිසිය කියයි.
එම බෑගය රැගෙන මරණකරුගේ නිවෙසේ නවතා තිබූ යතුරුපැදියෙන් එක් අයකු පලා යන ආකාරයත් සෙසු පුද්ගලයන් වෑන් රථයක නැගී යන ආකාරයත් එම කැමරාවේ සටහන්ව තිබූ බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් පසු හතර දෙනෙකු මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වන විට මුහුදු රස්සාවට ගොස් ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ. අනෙක් සැකකරු සොයා මේ වන විට වීරවිල පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
(ඡායාරූප: අමිල සම්පත්)
.


2025 දෙසැම්බර් මස 30
37
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වීරවිල වැවේ පා වූ රංග ගිලුණාද? ගිල්ලුවාද?
leel gunawardena Friday, 15 October 2021 01:23 AM
බොරුව ඇත්ත වෙන්නේ නැහැ කවදාවත් ,අපරාදේ මනුස්ස ජීවිත