(සුජිත් හේවාජුලිගේ )
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 26 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවාද නැද්ද යන්න සභානායකවරයාගේ තීරණයක් බවයි.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය 18 වැනිදා නිකුත් කෙරිණ. එම ගැසට් නිවේදනය නිකුත් කර දින හතකදී එය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වේ.
ඒ අනුව පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ආසන්නතම දිනය ලබන 26 සිකුරාදා බවද නියෝජ්‍ය මහලේකම්වරයා කීවේය.
ජනාධිපතිවරයාගේ ධූර කාලය හයේ සිට පහක් දක්වා අඩු කිරීමට විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිපාදන සැලසේ.
මේ අතර මෙම පනත් කෙටුම්පතින් මැතිවරණ කල් දැමීමට උත්සාහ දරන්නේ නම් ඊට දැඩි ලෙස විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ රැසක නායකයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මහජන මුදල් කෝටි ගණන් නාස්ති කරමින් ලෝකය වටේ රවුම් ගැහුවා මදිවට දැන් තවත් කෝටි සීයක් නාස්ති කරන්න ලැහැස්ති වෙනවා මේ අපත රනිල් රාජපක්ෂ කල්ලිය. මේ සියල්ලටම ඊළග ආණ්ඩුවෙන් මොවුන්ට දඩුවම් කල යුතුය.