
(සුජිත් හේවාජුලිගේ)
විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ ඊයේ (18) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය.
එම ගැසට් අතිරේකය මුද්‍රණය කිරීමේ කටයුතුද ඊයේ ආරම්භ කෙරිණ.
මේ සම්බන්ධයෙන් අප රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු එම ගැසට් නිවේදනය ඊයේ ප්‍රසිද්ධ කෙරුණු බවයි.
COMMENTS
අයියෝ ! ඡන්දය කල් දාන්න පුළුවන් වගේ මේ නිසා රනිල් ඡන්දයට බයයි...
දේශපාලන පිංගුත්තරකම අවසන් වීම දරාගන්න බැරිව, මොන තරම් උප්පරවැට්ටි දානවාද? මෙයාට ඕනෑ රටේ ජනතාව මානසික පීඩනයට පත්කරලා මහා කලබලයක් අවුස්සන්න. ඒ මඟින් හරි ටික දවසක් රැඳෙන්න. මේකට උඩ ගෙඩි දෙන අයවත් දේශපාලනයෙන් එලවන්න ඕනෑ.
පරාජයෙන් බේරෙන්න ජනාධිපතිවරණය කල් දාන්න රනිල් හැම දෙයක්ම කරනවා.
18 නිවුස් බලද්දි දැක්කා විජේදාස උන්නැහේ කිව්වා 22 සංශෝධන ගැසට්ටුව පලකිරීම නැවැත්වීමට කටයුතු කළා කියලා... ඒත් ඒ වනවිට ඒක මුද්‍රණය වෙලා කියන්නේ ජනතාව කොණ්ඩය බැඳපු චීන්නු කියලා හිතාගෙනද ඇමැතිවරයා ප්‍රකාශය කළේ කියලා අහන්න වෙනවා... කොහොම වුණත් එක වගන්තියක තියෙන හය ඉක්මවා යන්න පහ ඉක්මවා ලෙසට සංශෝධනය කරන්න කොපමණ වියදමක් යයිද ඇත්තටම දැන් නම් හිතෙනවා. මෙහෙම ගියොත් රට හදන්න කොහොමවත් බැහැ කියලා...!
රනිල් කොහොමත් පරාදයි... ජනාධිපතිවරණය වැළැක්වීම සඳහා ඔහු සෑම දෙයක්ම කරනු ඇත.
තේරුමක් නැති වචන දෙකක් වෙනුවෙන්, රටේ මහජන මුදල් බිලියන ගණනක් නාස්ති කරන්න තමයි මේ බල තන්හාවෙන් ඉන්න පින්පතිතුමා ලෑස්තිවෙන්නේ... මේ වගේ පිස්සන්ව තවත් මේ තනතුරේම තියන් ඉන්න ඕනේද රටේ මිනිස්සු...?
අධිකරණ ඇමැති කිව්වා නේද ජනාධිපතිවරණය ඉවර වෙනකං කල් දාන්න කියලා. එතැනත් අවුලක් නේද?
ඔය ගැසට් එක රෝල්කරලා ගහගන්නවා..
මාර තදියමක්නේ තියෙන්නේ ව්‍යවස්ථාව හරිගස්සන්න ඒත් අර පැරදුණු ඡන්ද්වලට ජාත්‍යන්තර සංවිධාන වලින් ගත්තු ණය ගෙවන්න මහබැංකුවෙන් හොරකම් කරපු සල්ලි ආපහු ගෙවන්න ඒ තදියම නැ නේ