උපාලි ආනන්ද
බාලවයස්කාර පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයන් සිදු කළ බවට මහාධිකරණය භමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකාර භික්ෂු වේෂ එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කල ලමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු සදුන් විතානගේ මහතා ඔහුට වසර 8 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කලේය.
ඊට අමතරව වින්දිත දරුවාට මුදලින් රුපියල් ලක්ෂ 3 ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කල මහාධිකරණ විනිසුරුවරියා ඊට ද අමතරව මුදලින් රුපියල් 1500 ක දඩයක් ගෙවන ලෙසට ද නියෝග කරනු ලැබීය.
මෙසේ දඩුවම් නියම වුයේ සූරියවැව වෙනිවැල්ආර අංක 108 ලිපිනයේ සූරියවැව සුමනධමිම නැමති චීවරධාරියෙකුට ය.2021 වසරේ අප්‍රේල් මස 4 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් තඹුත්තේගම දී විත්තිකරු මෙම වරද සිදු කල බවට නීතිපතිවරයා මෙම ඔහුට එරෙහිව ලමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණ .
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ යුරේකා පෙරේරා මෙනවිය පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ වෙනුර ධර්මසේන මහතා පෙනී සිටියේය තඹුත්තේගම පොලිසිය මේ සමිබන්ධව විමර්ශන මෙහෙයවා තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd