IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විශ්‍රාමික දීමනාව ඔක්තෝබරයේ දෙකම එකට ගෙවන්න

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව විශ්‍රාමිකයන්ට ගෙවීමට බලාපොරොත්තු රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ලබන ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් දීමනාවද  සමඟ දෙකම එකට ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට අද (9) දැනුම්දී ඇත.

මේ අතර  මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගය නොතකා එම දීමනාව ගෙවන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදාට පෙර කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ  ලේකම්වරයාට දැනුම්දී ඇත.

ලේකම්වරයා  ඒ ආකාරයට කටයුතු කිරීම නරක පූර්වාදර්ශයක් බව කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

මේ අතර රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතුවලට යොදාගැනීමේ සිද්ධීන්  පිළිබඳව  රාජ්‍ය ආයතනවලට හදිසියේ කඩා පැන  සෙවීමටත් එවැනි නීති විරෝධී ක්‍රියා සිදුවන ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් වෙනම කණ්ඩායම් පත්කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීම පිළිබඳ පැමිණිලි සිය ගණනක් කොමිෂන් සභාවට දැනටමත් ලැබී ඇති බවත් එවැනි ක්‍රියා සිදුවන්නේ නම් ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීමේ සිද්ධීන් නිදහස් හා සාධාරණ ඡන්දයකට බාධාවන හෙයින් අායතනවලට හදිසියේම  කඩා පැන ඒවා සෙවීමට මෙසේ වෙනම කණ්ඩායම් පත්කළ බව පැවසූ සභාපතිවරයා රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතුවලට යොදා නොගන්නැයි සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් නැවත වරක් ඉල්ලීමක් කළේය.



අදහස් (3)

විශ්‍රාමික දීමනාව ඔක්තෝබරයේ දෙකම එකට ගෙවන්න

පොල්වත්ත Saturday, 10 August 2024 12:22 PM

බලාපොරොත්තුව අත් හැර ගනිල්ලා මොකද මැතිවරණය අවසන් වෙලා ඕවා ලැබෙන්නේ නැහැ. ජනාධිපතිවරණය දින නියම කරන්න පෙර චක්‍රලේඛය නිකුත්කිරීමට කටයුතු කළානම් ලැබෙන්න තිබුණා විශ්‍රාමිකයින්ම විශ්‍රාමිකයින්ට කෙලිනකොට තමයි ඉවසන්න බැරි...!

:       2       7

NamaliSaturday, 10 August 2024 03:29 PM

මේකට විරුද්ධව පැමිණිලි කරන්න ඇත්තේ මාලිමා කාරයෝ වෙන්න ඇති තවමත් ගුරුවරු වර්ජනය කරනවා නම් මාලිමා අනුහස නිසා තමයි... එනිසා විශ්‍රාමිකයින් මැතිවරණ අවස්ථාවේ ලැබෙන්නට තිබුණු මුදල් ලැබීමට බාධා සිදුකළ මාලිමාව ජයග්‍රහණය කරනවාද කියලා තීරණය කළොත් හොඳයි ඔවුන් හා සජබ හැර වෙන කිසිවෙක් විශ්‍රාම වැටුප් නොදෙන්න කියලා ඉල්ලීම කරන්නේ නැහැ...!

:       5       1

.කූමූදිනි Saturday, 10 August 2024 12:49 PM

වඩාත් හොඳයි..!

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site