
(ආරියරත්න රණබාහු)
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති කාර්යාලයේ දැනුම් දීම මත තමාත් උපසභාපතිවරයාත් අනෙකුත් සාමාජිකයින් පස් දෙනාත් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යැවූ බව සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ලංකාදීපයට පැවසීය.
වාර්ෂික විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ නිල කාලය 2025 මාර්තු මස අවසන් වීමට නියමිතව තිබූ බවද හෙතෙම කීය.
එම කොමිෂන් සභාව 2020 වසරේදී පත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හරියට කරත් නොකරත්, හැමෝම අයින් කරවනවා නේ. මාලිමාවට කඩේ ගියේ නැත්තන් හොරා කිව්වා, අයින් කරා. මාලිමාව කෙල ගන්නෙ මෙන්න මේවගේ මරි මෝල් වැඩ කරලා.
උසස් පෙළ ප්‍රතිඵල ඇවිත් අවුරුද්දකට වඩා යනවා විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවාගන්න. අවුරුදු පහක් ඉඳලත් ඒක හදාගන්න බැරිවුනු මේ අය නම් අස්කලාට කමක් නෑ. අලුතින් පත්වෙන මාලිමා හිතවතුන් සෙට් එක මේ වැරැද්ද හදලා දශක ගණනාවක් ජෙප්පන් විසින් පවත්වාගෙන යන නවකවදයත් තුරන් කරයි ද කියලා බලමු.
මහජන උපයෝගිතා කොමිසමේ සාමජිකයෝ තාම ඉන්නවද?
විශ්වවිද්‍යාල ඇදුරන් එදා අධ්‍යාපනයට 6%ක් ඉල්ලලා කරපු සටනේ දී, සටන පාවලා දීලා මහින්ද රාජපක්ෂගේ හිත දිනා ගත් මුන්නැහේට එදා ඉඳන්ම ඉහළ තනතුරු ලැබුණානේ. ජපුර උපකුලපතිකමත් ලැබුණා, ඊළඟට මේක දන්නෝ දනිති. ඔතැන හිටපු අනිත් අය ගැනත් ඔච්චරම තමයි කියන්න තියෙන්නේ...!
තනතුරු වෙනුවෙන් රාජපක්ෂලාට හෙලුවෙන්ම කඩේ ගිය කෙනෙක් තමයි මෙයා. මතකද හම්බන්තොට වරායේ වෙළඳ දැන්වීම ? ටියුෂන් ඔස්තාර්ලව ජපුර විශ්ව විද්‍යාලයට ගෙනවිත් සම්මාන දුන්නෙත් මෙයා තමයි . ඇල්වතුරත් නිවල බොන බව පෙන්වුවට නියම නූල් සුත්තර කාරය. පන්නපු එක හොඳයි .
පෙරටුගාමීන් දැන් මොකද කරන්නේ ?
විදේශ ශිෂ්‍යත්ව ලබා දීමේදී අකටයුතුකම් කල සභාපති කෙනෙක් තමා සම්පත් අමරතුංග කියන්නෙ. ඒ ඒ විශ්ව විද්‍යල වලින් ලබා දෙන උපාදි සහතික පිළිබඳවත් දන්නෙ නැහැ. මම ලග සාක්ශි තියෙනවා.අපක්ශපාති නැහැ.
දේශපාලනයෙන් තොර නීතිය හරියට ක්‍රියාත්මක කරන නිලධාරීන් පත්කරන්න. ඔවුන් කාගෙවත් අතකොළුවක් නොවිය යුතුයි. ඔය හිටපු කට්ටිය දේශපාලනීකරණය වුණු සෙට් එකක්...
ලංකාවේ ළමයින්ගේ රටට වැඩ ගත හැකි තරුණ ශ්‍රමය අවුරැදු 4ක් පමණ අපතේ යනවා රජයේ ප්‍රමාදය නිසා. අපරාදේ රටට වැඩ ගන්න පුලුවන් කාලේ.. උසස් පෙළ ප්‍රතිඵල එන්න අවුරුද්දකට ආසන්න කාලයක් යනවා. විශ්ව විද්‍යාලයට ගන්න තවත් අවුරුද්දක් යනවා. ස්ට්‍රයික් නිසා තවත් කාලය නැතිවෙනවා. ඕස්ටේලියාව වගේ රටවල උසස් පෙළ ප්‍රතිඵල ඉක්මනින් දීල සති 2ක් ඇතුලත ව්ශ්ව විද්‍යාල වලට ගන්නවා.
මෙයා හරියට කලේ. පඩි වැඩි කරගෙන අන්දවන අයව නොමඟ යැවීම.
මහින්දගේ ඇම්බැට්ටයින් ඉවතට කඩේ ගිය නරි...
හොඳ වැඩේ .රැකියා කර්මාන්තයට හරියන උපාධි දෙන්න බැරි හරක්
පඩි වැඩි කරන්න කියලා ස්ට්‍රයික් කරන්න විතරක් දාන්න