(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)

වේයන්ගොඩ වියලගොඩ අමුණෙහි ඊයේ  (26) පස්වරු 3.00 ට පමණ දියනෑමට ගිය තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මල්ෂානි වික්‍රමරත්න  නැමැති වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. ඔහු පවුලේ එකම දරුවා ද වේ.

ක්‍රිකට් සෙල්ලම් කිරීමට යන බවට දෙමාපියන්ට පවසා මියගිය තරුණයා තවත් තරුණයෙක් 08 දෙනෙකු සමග දියනෑමට ගොස් ඇත.

අනෙත් තරුණයන් දියනෑමට දියට පැන ඇති අතර පසුව මෙම මේ ගිය තරුණයා ද තමන්ටත් පීනන්නට හැකි බව මිතුරන්ට පවසා දියට පැන ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

දිය ගිලුණු තරුණයා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේ දී පැවැත්වූ  අතර  ගිලීමෙන් මෙම මරණය සිදුවී ඇති බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.