IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


විමධ්‍යගත මුදල් හැඳි දෙකකින් බෙදලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත අරමුදල් සතයක්වත් ලැබී නැතත් සමහරුන්ට මිලියන සීයක්, දෙසීයක් බැගින් බෙදා දී ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී අද(19)පැවසීය.

තමාට, මුජුබුර් රහුමාන්ට බුද්ධික පතිරණ වැනි විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත මුදල් සතයක්වත් ලැබී නැතැයි රාජකරුණා මහතා කීය.

කලින් පක්ෂ විපක්ෂ සැමට විමධ්‍යගත  අරමුදල් ලැබුණ නමුත් මේ වසරේදී ඒ කටයුතු කර තිබෙන්නේ අසාධාරණ විදිහට යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

එම විමධ්‍යගත අරමුදල් ලැබුණු ආකාරය අනුව  විපක්ෂයේ බහුතරයකගේ වරප්‍රසාද කඩවී තිබෙන හෙයින් බේදයකින් තොරව එම මුදල් ලැබීමට සැලැස්විය යුතු බව රාජකරුණා මහතා සඳහන් කළේය.

ඒ මුදල් ගත් අයත් අපහසුතාවයට පත්වී සිටින්නේ යැයිද  ජනාධිපති මේ විදිහට අරමුදල් බෙදුවේ එලෙස අපහසුතාවයකට පත් කරන්නද දන්නේ නැතැයි මන්ත්‍රීවරයා පැවසීය.

සභානායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීවෙි  විමධ්‍යගත ක්‍රියා මුදලක් වෙන් කළේ නැති අතර ග්‍රාමීය කමිටු හරහා යෝජනා ගෙනැවිත් අනුමත මුදල් ගෙවා තිබෙන බවයි.බොහෝ මන්ත්‍රීවරුන්  ඒ කමිටුවලට එන්නේ නැතැයි අමාත්‍යවරයා කීය.

 



අදහස් (1)

විමධ්‍යගත මුදල් හැඳි දෙකකින් බෙදලා

Perera Thursday, 20 June 2024 08:36 AM

ඔහෙලට තීරු බදු රහිත සිලින්ඩර් අටේ 4 වීල් v8 ,රටේ ජනතාවට බදු ගහපු එක සිලින්දරේ 3 වීල් නැත්නම් 2 වීල් .ඒවත් හැඳි දෙකේ බෙදුම් තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site