
(ජේ.ඉඳුරුවගේ)
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිතිය මෙතෙක් පවරාගෙන නැතැයි විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.
මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට දන්වා ඇත්තේ විගණන කළමනාකරණ රැස්වීමේ තීරණය අනුව ගාස්තු ගෙවීමකින් තොරව මෙම ඉඩම පවරා ගැනීම සඳහා අධ්‍යාපන ලේකම් වෙත මෙම වසරේ මාර්තු 06 දින කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද බවයි.
මෙම ඉඩම පවරා ගැනීමට කටයුතු කරන ලෙස විගණනයෙන් නිර්දේශ ලබා දී ඇත.
COMMENTS
එතකොට අනුන්ගේ ඉඩමක ඉඳන් මේ වෙනකල් පවත්වපු විභාග වලංගු නැද්ද? අපරාදේ පාඩම් කරපුවා...!
මේවාට හේතුව වගකිව යුත්තන්ට දඬුවම් නොලැබීමයි.