
(යොහාන් භාසුර)
විපක්ෂය මැතිවරණය කල්දාන්න මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමට හේතුව ජනතාව අතරට යෑමට ඇති බිය බවත් වර්තමාන ආණ්ඩුව පෙරළීම විපක්ෂය දකින හීනයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
අරලගංවිල මහවැලි රංග ශාලාවේ පැවති ජනහමුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ පැවසුවාය.
ආණ්ඩුව ඉදිරිපත් කරන අයවැය දුප්පතුන් වෙනුවෙන් ඉදිරිපත් කරන බව කී අග්‍රාමාත්‍යවරිය වර්තමාන ආණ්ඩුව ජනතාව කළ ජනතාව විසින් ආරක්ෂා කරන ආණ්ඩුවක් මෙන්ම ජනතාව රටතුළ පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් පසුගිය මැතිවරණයෙන් මේ ආණ්ඩුව බලයට පත් කළ බව ද සඳහන් කළාය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් පාලන මැතිවරණය කල්දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇති බවත් ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීමක් අපේ ආණ්ඩුවට ඇති අතරම ඒ වෙනුවෙන් සියළු ක්ෂේත්‍රවල අධ්‍යයනයක් කර දත්ත මත පදනම්ව පරිවර්තනයන් කරන බවත් ඇය පැවසුවාය.
ආණ්ඩුව මේ රටේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න විශේෂයෙන් කටයුතු කරන බව කී අග්‍රාමාත්‍යවරිය මෙවර අයවැයෙන් අධ්‍යාපනයට සැලකිය යුතු දායකත්වයක් දීමට කටයුතු කරන බව ද කීවාය.
මීට පෙර පැවති රජයන් තුළ ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ප්‍රතිපත්ති තුළ ගුරුවරුන් වෙනුවෙන් නිසි වැඩපිලිවෙලක් ඉදිරිපත් කර නොතතිබුණු බවත්ගුරුවරුන්ගේ ආකල්ප සංවර්ධනයට, ගුරු පුහුණුව දෙන්න වගේම නවීන අධ්‍යාපන දැනුම දී ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සංවර්ධනය කිරීමට වර්තමාන ආණ්ඩුව වැඩි අවධානයක් යොමුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩි දුරටත් පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභියෝග වලට බය නැහැ කියලා කයිවාරු ගහපු අයත් ජාතික ලැයිස්තුවෙන් රින්ගුවේ නිකම්ද?
ඔබලා බොරුවෙන්ම ජීවත් වෙන්න... මෝඩ ජාතියක් ඉන්න හින්දා හොඳයි.
මේ අකාර්යක්ෂම පාලනය යටතේ අගමැති තනතුරේ පවා වැඩකට නැති කාන්තාවන් ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ දක්ෂයි සාප්පු සවාරි යන්න විතරයි. බොරුවට කතා කරනවා විතරයි, කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ.
හැබැයි ආරංචි වෙච්ච විදියට නම් ඔයාලා අප්‍රේල් මුල තියන්න තිබ්බ ඡන්දේ තව පුලුවන් තරම් කල් දාගන්නලුනේ බලන්නේ. බලමුකෝ අය වැය. ඊට පස්සෙ ඔය කතාව කියන්නකො.
ඒක තමයි. අපිටත් ඒක තේරුනා ඔහේලා සමූපකාර ඡන්ද ටික පරාද වීගෙන එනකොට එක මිටකට.
ඒ මේ, ඒක නෙමේ. ඔයැයි අර USAID එකෙන් මොකද්ද කරන්න, මොනවද ගත්තැයි කියන්නෙ ඇත්තෙයි? හරි වැඩේ නේ?
අනේ මන්දා මේ මුහුණ දක්කම වගතුවක් නත. මෙයත් පටන් අරගෙන පච කෙලින්න