
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් බාරදෙනු ලැබීය.
රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබාදී ඇත.
අදාල රුපියල් බිලියන 7ක මුදලින් මිට පෙර රුපියල් බිලියන 3ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම සඳහා ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු කෙරුණු අතර එම මුදලින් රුපියල් මිලියන 100ක් මහරගම අපේක්ෂා රෝහලට ඖෂද මිලදී ගැනීම සඳහා එම අවස්ථාවේදීම ලබාදීමට පියවර ගැනිණි.
2025 නොවැම්බර් මස 21
109
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් භාණ්ඩාගාරයට බිලියන 7ක්
Asela Wednesday, 29 November 2023 10:35 PM
අපි දුක් විඳලා අමාරුවෙන් එවපු සල්ලි මේ අය කෝට් ගහගෙන ආණ්ඩුවට පුදනවා. මගේ පුතාගේ ශිෂ්‍යත්ව මුදල් තවම ලැබුනේ නැහැ. විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා අවුරුදු 2කුත් ඉවර වෙන්න යනවා...
රංබොඩ Wednesday, 29 November 2023 11:43 PM
මැද පෙරදිග දුක් විඳින ජනතාවගෙන් ලබාගත්. මුදල් වගත් මතක් කළා නම් තමා හොඳ
සුපුන් චාමරThursday, 30 November 2023 04:59 PM
මොවුන් මෙම දේවල් මාධ්‍යවලට දැමීමෙන් බලාපොරොත්තු වන්නේ ලකුණු දමා ගැනීම වුවත් මේවා දකිනවිට තිබෙන ලකුණුත් කැපී යන බව පිංපතිට වැටහේවා...!
chandima Thursday, 30 November 2023 01:43 AM
මේ සල්ලි වලින් වෙන්න ඇති අර විස්සක් තිහක් එකලා රට යන්නේ ?
chandima Thursday, 30 November 2023 03:10 AM
මෙ බෙදන්නේ පනයනකල් වැඩකරන අපේ මිනිස්සුන්ගෙන් කොල්ලකාගත් සල්ලි නේද? පෙලට ඉදන් පත්තරෙ දාගෙන ඉන්නෙ හරියට ගෙදරින් ගෙනාපු සල්ලි වලින් දුන්න වගෙ?
Jayaweera Thursday, 30 November 2023 05:33 AM
මෙයට පෙර ඊයේ පෙරේදා පොල් සංවර්ධන අධිකාරිය මුදල් දුන්නා කියලා දකින්නට ලැබුනා මේවා දැක්කම මට මතක් වෙනවා පළාත් සභා ඇතිවීමට පෙර කච්චේරියේ නැත්නම් දිසාපති කාර්‍යාලයේ අතිරික්ත වෙන මුදල් මාස්පතා භාණ්ඩාගාරයට යවපුහැටි ඒවා කච්චේරි ප්‍රේෂණ ලෙසට තමයි චෙක්පත් මගින් යැව්වෙ එහෙම ක්‍රමයක් දැනට නැහැ කියලා හිතෙනවා එවැනි දෙයක් තිබුනා නම් රටට සේවයක් වෙනවා කියලා හිතෙනවා දැන් වෙනවා ඇත්තේ රටේ ආදායම් ප්‍රයෝජනයට නොගෙන අදාල ආයතන වල බැංකුවේ තැන්පතු ලෙසට තිබීම තිබෙන අතර වංචාවන්ටත් හේතු වෙනවා ඇති
සුපුන් චාමර Thursday, 30 November 2023 09:47 AM
රට හරක් ටිකක් දැකල නැත්නම් බලාගන්න. මෙම අති විශාල මුදලක් සොයාගෙන ඇත්තේ මෙම ටයිකෝට් ඇදපු මහත්වරු දහඩිය හෙලා කුඹුරු කොටා නොවෙයි. තමන්ගේ සමීපතයින්ගේ ඈත්වෙලා පිටරටවල දුක් විදින්න ගිය අපේම අහිංසක මිනිසුන්ට අසීමිත ලෙස බදු බරක් යෙදීමෙනි. ඔය මුහුණු 7 දිහා ඇස්පිල්ලන් නොගහ ටික වෙලාවක් බලන් ඉන්න. ඊට පසු අරාබියේ දුක් විදින අපේම අම්මලව හිතේ මවාගන්න