
(නිමල් ජයරත්න)
වැලිකන්ද සේනපුර ගම්මානයේ සිට සෙවනපිටිය නගරයට පැමිණ 20 වැනිදා පෙරවරුවේ විදේශ ගතවීම සඳහා ගුවන්තොටුපොළට යාමට මුතුගල වැවේ පිටවාන හරහා ගමන් කිරීමට උත්සාහ දැරූ අඹුසැමි යුවළක් පිටවානෙන් වැටී සැඩ පහරට ගසා ගෙන ගොස් සැමියා මියගොස් ඇති අතර බිරිඳ ත්‍රිරෝද රථයේ සිටි කීපදෙනකු විසින් බේරා ගැනීමට සමත් වී ඇති බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ සේනපුර වැලිකන්ද ලිපිනයේ පදිංචිව සිටි එක්දරු පියකු වන 35 වියති එච්.එම්.රිස්වාන් යන අය බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd