


(බී.එච්.රම්‍යා)
ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත කුලී රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි වියේ පසුවන තරුණයකු වන අතර, සරසවි සිසුවකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. අදාළ විදේශික කාන්තාව මෙම කුලී රථය මගින් ගමන් කරමින් සිටියදී මෙම අපරාධයට මුහුණ දී ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක අමිල ප්‍රියංකර මහතා ඇතුළු, පොලිස් සැරයන් (59433) ජයන්ත, කාන්තා පොලිස් සැරයන් (2890) ලක්මාලි සහ පොලිස් සැරයන් (18372) ප්‍රේමරත්න යන නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකාර රියැදුරුව සහ රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අලුතින් විශ්ව විද්‍යාල වල මේවත් උගන්නනවද ?
සරසවි සිසුවකු නෙවෙයි, සරසවි සිසු ප්‍රතිරූපයක් කියලා වෙන්න ඕන.
මූ නවක වදය මුවාවෙන් තවත් වනාචාරයින් කිහිප දෙනෙක් එක්වෙලා අහිංසක දැරියන් කිහිප දෙනෙකුට අතවර කරලා තියෙනවාදයි හෙලි කරගන්න පුළුවන් හොඳට සංග්‍රහ කළානම්.
ඕක තමයි කියන්නේ අධ්‍යාපනය කියන්නේ සහතිකයක් විතරමයි.. එකෙන් මනුස්සයෙක් වෙන්නේ නැහැ. චාටර් වැඩ ඔයි මේවා.. දැන්වත් පිළිගන්න නවක වදය කියලා කරන්නේ තමන්ගේ බාල විදිහේ මන්ද මානසික තත්ත්වයක් ඉෂ්ට සිද්ධ කරගන්න එක කියලා. එකෙන් සමාජය හදන්න බැරි බවත්.