IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදුලි සැරවැදි මියගිය බව කියූ හබරණ මව - පුතාගේ මරණය ‌ඝාතනයක්

(චාපා මධුභාෂිණි)

හබරණ කිතුල්උතුවේ කුඹුරක පැල් රකිමින් සිටියදි විදුලි සැරවැදීමෙන් මියගිය මව සහ පුතා වෙඩි තබා තියුණු ආයුදයකින් පහරදි ඝාතනය කර ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව හබරණ පොලිසිය කියයි.

මවට වෙඩි තබා 13 හැවිරිදි  දරුවාට තියුණු ආයුදයකින් පහරදුන් බවට සැකකර තරුණයකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඒ් සමග මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලිස් බාරයට ගෙන ඇත.

ඉකුත් 20 වැනි දා අලුයම මෙම මව සහ පුතා පැල් රකිමින් සිටියදි අලුයම දැඩි ලෙස පිළිස්සී මියගොස් සිටියදී සොයාගත් අතර ඒය විදුලි කාන්දුවක් හේතුවෙන් සිදු වූ මරණයක් බවට සැක කළේය.

වෙඩි තැබීමකින් හා තියුණු ආයුධයකින් පහරදි මෙම මරණ සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වීමත් සමග මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (5)

විදුලි සැරවැදි මියගිය බව කියූ හබරණ මව - පුතාගේ මරණය ‌ඝාතනයක්

Jinasena Wednesday, 23 June 2021 10:45 PM

විශිෂ්ඨ මරණ පරීක්ෂණයක්. එය පැවැත්වූ මරණ පරීක්ෂකතුමා ඒ අසරණ මිනිස්සු දෙන්නාගේ මරණයට හේතුව සොයා ගැනීම ඒ දෙපලට වෙච්ච අසාධාරණේට යුක්තියක් ගෙනාවා වගේම සමාජයේ සැඟවෙන්න ගිය දරුණු සංවිධානාත්මක අපරාධකාරයෙක් සොයාදීමට මඟ පාදා, තවත් මනුස්සයෙක්ට අත්වෙන්න ගිය මරණයකින් සමාජය බේර ගත්තා.

:       2       575

RaveendraThursday, 24 June 2021 07:32 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මෙවන් ම්ලේච්චයින්ට ඇඩ්රස් නැති වෙන්නම කැලෑ නීතිය වඩාත් සුදුසු නොවේද?

:       2       31

චාමර Thursday, 24 June 2021 09:01 AM

‘‘පෝරකය ඉවකළ මිනිස්සු‘‘... මේ පොත කියවලා බලන්නකෝ... ඔක්කොම විස්තර තියෙනවා ගොඩක් ලස්සනට... ලංකාවේ වෙච්ච සත්‍ය සිදුවීම් ....

:       0       13

janahitha Thursday, 24 June 2021 09:09 AM

ඔය අපරාධ කරුවන් අත් අඩංගුවට අරන් පසුව නිදහස් වෙනවා... වසර ගණනාවක් නඩු අසාවි.. පසුව නඩුව ඉදිරියට ගෙනියන්න සාක්ෂි නැහැ කියලා නිදහස් වෙනවා. ඔන්න ඕකයි තත්වේ. මානව හිමිකම් පෙරට එනවා... අපරාධකරුවන් නිදැල්ලේ ඉන්නවා...

:       2       69

fairoos Thursday, 24 June 2021 12:45 PM

මෙහෙමත් ජනපති සමාව ලැබෙනවා

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site