(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි බිලට පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු මුදල (ප්‍රතිශතය) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට අද බාර දෙන බවද ඔහු සඳහන් කළේය.
ආගමික ස්ථානවල සහ ගෘහස්ථ කාණ්ඩයේ විදුලි බිල පසුගිය ඔක්තෝබර් මාසයේදී සියයට දහ අටකින් වැඩි කෙරුණු බව පැවසූ අමාත්‍යවරයා කර්මාන්ත සහ හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිල සියයට දොළහකින් වැඩි කළ බවද ප්‍රකාශ කළේය.
රජයේ ආයතන වල විදුලි බිල සියයට 24කින් ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු බවද ඔහු සඳහන් කළේය.
අවම වශයෙන් ඔක්තෝබර් මාසයේ වැඩිකළ මුදල සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
"ඊටත් වැඩිය පුළුවන්නම් ඒ යෝජනාව හදලා දෙන්න තමයි බලාපොරොත්තුව" යැයිද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විදුලි බිල අඩු කෙරෙන හැටි මෙන්න
de silva Wednesday, 21 February 2024 03:20 PM
මනුස්සයෝ විදුලිබිල අඩුකරනවා නම් බොරුවට කල් මරමරා ඉන්නේ නැතුව මෙම මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි වහාම අඩු කරලා දමන්න පුළුවන් නේද?
sene Wednesday, 21 February 2024 03:28 PM
ඡන්දයක් කිට්ටුව...