(රේඛා තරංගනී ෆොන්සේකා )

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ මහ මඟ දී දෙනෝදහක් බලා සිටියදි තියුණු ආයුදයක් රැගෙන ආ පුද්ගලයකු සහසික ලෙස විදුලි කාර්මිකයකුගේ දෑත්  කපා  රැගෙන  යන අයුරු ඒ ආසන්නයේ ඇති ආරක්ෂක කැමරාවක සටහන්ව ඇත.

මෙම කැපුම් තුවාල ලබා ඇත්තේ මොරටුව  කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෙම පහර දීම සිදු වූ සැණින් ප්‍රදේශවාසීන් 1990 ගිලන් රථ සේවාවන් ඔස්සේ තුවාලකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.

තුවාලකරුගේ  නිවැසියන් මොරටු පොලිසියට කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර වෙන් වූ අත් කොටස්  සැකකරු විසින් රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

තමාට පහරදුන් සැකකරු පිළිබඳ තොරතුරු  තුවාලකරු ලබා දී ඇති අතර ඔහු සිද්ධිය වූ වහාම ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලීසිය පැවසී ය.

විදුලි කාර්මියයාගේ දෑත් වැලමිටට පහළින් ශරීරයෙන් වෙන්වන සේ කපා ඇති අතර වෙන් වූ කොටස් පහරදුන් පුද්ගලයා විසින්ම රැගෙන ගොස් ඇත.

එසේ රැගෙන  ගිය අත් කොටස් සොයා පොලිස් විමර්ශන ආරම්භ කොට ඇතැයි පොලිසිය පවසයි.

රෝහල් ආරංචි මාර්ග පවසන ආකාරයට කපා වෙන් වූ කොටස් තිබුණේ නම් එය  බද්ධ කිරීමට හැකියාව පැවතුණු බව ද සෞඛ්‍ය අංශ පවසයි.