
(රෝෂන් තුෂාර)
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය එරෙහි නඩුවේ විත්තියේ විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා නඩු විභාගය ජනවාරි 28 වෙනි දින ආරම්භ කරන බව අද (08) නියෝග කළේය.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම්කර සිටින හිටපු ආගමන විගමන පාලක ජනරාල් ඩබ්ලව්. ආර්. චූලන්නන්ද පෙරේරා මහතා ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනකුට එදින අධිකරණ ඉදිරියේ සාක්ෂි ලබාදෙන ලෙසට නියෝග කරමින් නොතීසි ද නිකුත් කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය. එච්. චමින්ද නමැති පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ශෂී වීරවංශ මහත්මිය විත්තිකාරිය කරමින් මෙම නඩුව පවරා ඇත.
රාජ්‍ය ත්‍රාන්තික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා 2010 ඔක්තෝබර් මස 13 දින ව්‍යාජ උප්පැන්නයක් ඇතුළු ලේඛන සහිත ඉල්ලුම්පත්‍රයක් ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කිරීම යන චෝදනාව යටතේ මෙම නඩුව පවරා ඇත.
2025 නොවැම්බර් මස 21
188
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1144
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
maalaka Wednesday, 09 October 2024 05:24 AM
නීතිය ක්‍රියාත්මක වී සාධාරණය ඉටුවේවා..!
Perera Wednesday, 09 October 2024 07:17 AM
මොවුන් දෙන්නම හොර ජාවාරම්, තක්කඩි වැඩ ඔක්කොම කෙරුවේ හැමදාම ඉර පායලා තියේවි කියලා හිතාගෙන...!
අරවින්ද මොනරවිල Wednesday, 09 October 2024 09:24 AM
රාජපක්ෂලාගෙන් පස්සේ රටේ ඉන්න දූෂිත පවුල විය යුත්තේ වීරවංශ පවුලයි. හොර උප්පැන්න, හොර හැඳුනුම්පත්, හොර පාස්පෝට්, රාජ්‍ය දේපළ අවභාවිතය, දූෂණය ඤාති සංග්‍රහය හා ඝාතන චෝදනාද නොඅඩුව තියෙනවා...!
jagath liyanageWednesday, 09 October 2024 12:48 PM
රටේ නීතිය හා සාමය රැකෙන බව ස්ථිරයි..!
fairoos Wednesday, 09 October 2024 12:07 PM
වැරැදිකරුවන් කවුරු වුණත් දඬුවම් ලැබෙන්න ඕනෑ...!
සමන් විමල් Wednesday, 09 October 2024 01:15 PM
හොර ඔප්පු හදපු වසන්තට මොනවා වෙයිද? ඇමැතිකමක්...
RAMANI MANGALIKA PERERAWednesday, 09 October 2024 11:59 PM
හොර ඔප්පු හදලා නම් මෙලහටත් පරන ආණ්ඩු වසන්තව නීතිය ඉදිරියට ගෙනල්ලා . මඩ එපා හොදේ. ඇමතිකමක් නම් ලැබෙන එක ෂුවර්
නන්ද ඇතිපොල Thursday, 10 October 2024 06:08 AM
විභහග කර දඩුවන් දියයුතු චෝදනා . දඩුවන්ද සංශෝධනය කලයුතුයි. පසුගිය කාලෙ මේගොල්ලා හැසුරුන විදිය අපි දැක්ක. (හිතාගෙන ඉන්නෙ රට අල්ලෙ කියල)