
(රෝෂන් තුෂාර)
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය එරෙහි නඩුවේ විත්තියේ විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා නඩු විභාගය ජනවාරි 28 වෙනි දින ආරම්භ කරන බව අද (08) නියෝග කළේය.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම්කර සිටින හිටපු ආගමන විගමන පාලක ජනරාල් ඩබ්ලව්. ආර්. චූලන්නන්ද පෙරේරා මහතා ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනකුට එදින අධිකරණ ඉදිරියේ සාක්ෂි ලබාදෙන ලෙසට නියෝග කරමින් නොතීසි ද නිකුත් කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය. එච්. චමින්ද නමැති පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ශෂී වීරවංශ මහත්මිය විත්තිකාරිය කරමින් මෙම නඩුව පවරා ඇත.
රාජ්‍ය ත්‍රාන්තික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා 2010 ඔක්තෝබර් මස 13 දින ව්‍යාජ උප්පැන්නයක් ඇතුළු ලේඛන සහිත ඉල්ලුම්පත්‍රයක් ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කිරීම යන චෝදනාව යටතේ මෙම නඩුව පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්‍රියාත්මක වී සාධාරණය ඉටුවේවා..!
මොවුන් දෙන්නම හොර ජාවාරම්, තක්කඩි වැඩ ඔක්කොම කෙරුවේ හැමදාම ඉර පායලා තියේවි කියලා හිතාගෙන...!
රාජපක්ෂලාගෙන් පස්සේ රටේ ඉන්න දූෂිත පවුල විය යුත්තේ වීරවංශ පවුලයි. හොර උප්පැන්න, හොර හැඳුනුම්පත්, හොර පාස්පෝට්, රාජ්‍ය දේපළ අවභාවිතය, දූෂණය ඤාති සංග්‍රහය හා ඝාතන චෝදනාද නොඅඩුව තියෙනවා...!
වැරැදිකරුවන් කවුරු වුණත් දඬුවම් ලැබෙන්න ඕනෑ...!
හොර ඔප්පු හදපු වසන්තට මොනවා වෙයිද? ඇමැතිකමක්...
විභහග කර දඩුවන් දියයුතු චෝදනා . දඩුවන්ද සංශෝධනය කලයුතුයි. පසුගිය කාලෙ මේගොල්ලා හැසුරුන විදිය අපි දැක්ක. (හිතාගෙන ඉන්නෙ රට අල්ලෙ කියල)